Friday, March 29, 2024

දැන් හැමෝම පෝලිම්වල ඉන්න නිසා විපක්ෂය දැන් සැපද කියලා අහන්නේ නෑ

දැන් හැමෝම පෝලිම්වල ඉන්නේ. විපක්ෂය දැන් සැපද කියලා අහන්නේ නෑ. මිනිස්සුන්ට තියෙන අපහසුතාවය හමුවේ බොර දියේ මාළු බාන්න සූදානම් නෑ.

ඒ නිසා විපක්ෂය පණ මදි කියලා සමහරු කියන්නේ. ජනතාවට කන්න නැතත්, බොන්න නැතත්, තෙල් නැතත්, කිරිපිටි නැතත් ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්නේ නැතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා කයයි.



දැන් ආණ්ඩුව මහත් උවමනාවෙන් බැදුම්කරවලට ගෙවන්නේ කාගේ හරි සාක්කු පුරවන්නද? රටට මොන විනාශය වෙලා ගියත්, හොරකම් කරන්න පුලුවන්නම්, කීයක් හරි සාක්කුවට දාගන්න පුලුවන්නම්, ඒ සල්ලි උගන්ඩාවට යවන්න පුලුවන්නම්, පැනමාවේ තැන්පත් කරන්න පුලුවන් නම් ඒකට සූදානම් කණ්ඩායමක් තමයි දැන් ඉන්නේ යනුවෙන්ද ඒ මහතා වැඩිදුරටත් පැවසුවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles