Friday, March 29, 2024

දිගම්බරම්ගේ විරෝධයෙන්, තොණ්ඩමන් විසිවෙයි…

තොණ්‌ඩමාන් මහතාගේ පක්‍ෂයට ඇමැති ධුරයක්‌ හා නියෝජ්‍ය ඇමැති ධුරයක්‌ ලබාදීමට මීට ඉහතදී ආණ්‌ඩුව තීරණය කරා. නමුත්, ඊට කඳුරට නව ගම්මාන හා යටිතල පහසුකම් ඇමැති P. දිගම්බරම් මහතා ඇතුළු වතුකරය නියෝජනය කරන මැති ඇමැතිවරු හයදෙනකු දැඩි විරෝධය පළ කරා.

මේ විරෝධය නිසා ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගන් තොණ්‌ඩමාන් මහතාට සහ ඔහුගේ පක්‍ෂයට ඇමැති ධුර ලබා නොදීමට ආණ්‌ඩුවට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

ඉහත ඇමැතිවරු ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට දිගින් දිගටම කරුණු දක්‌වා පෙන්වා දුන්නේ, පසුගිය මහ මැතිවරණවලදී තොණ්‌ඩමාන් මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට මෙන්ම යහපාලන ආණ්‌ඩුවට එරෙහිව වතුකරයේ පුළුල් ප්‍රචාරයක්‌ දියත් කළ බවයි. එවැනි අයෙක්‌ සමඟ තමන්ට ආණ්‌ඩුවේ රැඳී සිටිමින් කටයුතු කළ නොහැකි බව ඔවුන් අවධාරණය කළා.

අවසානයේ, ලංකා කම්කරු කොංග්‍රසයට ඇමැති ධුර ලබා නොදී එම පක්‍ෂයේ සහාය ආණ්‌ඩුවට ගැනීමට තීරණය වූ බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු මාධ්‍යට කරණු අනාවරණය කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles