Wednesday, April 24, 2024

දිල්රුක්‍ෂි ඉවත් වුණේ මිතුරන්ට රිද්දන්න බැරි නිසා

අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් දිල්රුක්‍ෂි ඩයස්‌ වික්‍රමසිංහ මහත්මිය සිය ධුරයෙන් ඉල්ලා අස්‌වීමට කටයුතු කර ඇත්තේ මහ බැංකු වංචාව සම්බන්ධයෙන් වැරදිකරුවන් වන තම මිතුරන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති අකමැත්ත නිසා යෑයි ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක, බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ඊයේ (18 දා) මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට ඇති ආයතනය අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම බව කී හෙතෙම ජනාධිපතිවරයා පසුගියදා කළ ප්‍රකාශයට මුවා වී සිය තනතුරෙන් ඉල්ලා අස්‌වීමට එය ස්‌වර්ණමය අවස්‌ථාව කර ගනිමින් දිල්රුක්‍ෂි ඩයස්‌ මහත්මිය ඉල්ලා අස්‌ වූ බව ද කීවේය.

මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ කෝප් කමිටු වාර්තාව මීළඟ සතියේ නිකුත් වීමට නියමිත බව ද එහිදී මහ බැංකු අධිපති වූ අර්ජුන මහේන්ද්‍රන් හා ඔහුගේ බෑණා වන අර්ජුන ඇලෝසියස්‌ යන අය සහ වත්මන් ආණ්‌ඩුවේ මැති ඇමැතිවරු රැසක්‌ වරදකරුවන් වනු ඇතැයි ද වර්ණසිංහ මහතා ප්‍රකාශ කළේය.

මෙම බැඳුම්කර වංචාවෙන් රුපියල් බිලියන 10 කට අධික මුදලක්‌ රජයට අහිමි වී ඇතැයි කී නිශාන්ත වර්ණසිංහ මහතා මෙම විශාල මුදල් සම්භාරය යළි පවරා ගැනීමට රජය කටයුතු කළ යුතු බව ද යහපාලන ආණ්‌ඩුවේ අපකීර්තිමත්ම සිද්ධිය මෙම බැඳුම්කර වංචාව බව ද කීවේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles