Friday, March 29, 2024

දූෂණයෙන් තොරව රට හදලා තියන නිසා තමයි අපිට සල්ලි තියන්නේ

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා එජන්සිය හෙවත් (ජයිකා) ආසියානු සංවර්ධන බැංකුව හා ශ්‍රී ලංකා රජය හා එක්ව මුදල් යොදා සංවර්ධනය කරන කොළඹ වරායේ පළමු පිවිසුම් මාර්ගයේ කොන්ක්‍රීට් පාලම් කොටස සවි කිරීම ඊයේ (25) පැවැත්වූ අතර මේ තුලින් නව කැළණි පාලමේ සිට ගාලු මුවදොර දක්වා කුළුණු මතින් ඉදිවන මෙම මාර්ගය පෙර සවි කොන්ක්‍රීට් පාලම් කොටස් 3279කින් සමන්විතයි.මන්තීරු හතරකින් කිලෝමීටර් 5.3ක දුරකට මාර්ගය ඉදිවෙන අතර එම අවස්ථාවට සහභාගී වූ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සඳහන් කරනුයේ ඉදිරි සති කීපය තුල රට දියුණු කරන වැඩ පිලිවෙලකට සැලසුම් යොදා අවසන් බවයි.

“මහින්ද රාජපක්ෂ මහත්තයා එදා පැරැද්දුවේ නැත්නම් අද මේ තිබෙන අධිවේගී මාර්ගය මේ රටේ ජනතාව පාවිච්චි කරනවා මගෙන් ඇහුවා මාධ්‍යවේදියෙක් ඔබතුමාලට සල්ලි තියනවාද කියලා මම කියුවා සල්ලි තියනවා සල්ලි නැත්නම් කොහෙමද පඩි ගෙවන්නේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දූෂණයෙන් තොරව රට හදපු හින්දායි අපිට සල්ලි තියන්නේ.

මේ ඩොලර් නැති ප්‍රශ්න, සීනි ප්‍රශ්න, හාල් ප්‍රශ්න මේවා ඔක්කොම තාවකාලික ප්‍රශ්න මේ හැම දේකින්ම අපිට ජයග්‍රහණය කරලා මුලු රටම තව සති කීපයක් යන්න ඉස්සලේලා සම්පූර්ණයෙන්ම විවෘත කරලා ශ්‍රී ලංකාව දියුණු කරන වැඩ පිළිවෙලකට අපි අත ගහලා ඉවරයි කියලා මතක් කරන්න ඕනේ.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles