Tuesday, April 16, 2024

දෙදින නිල සංචාරයක් සඳහා FIFA සභාපති දිවයිනට පැමිණෙයි

ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා ලෝක පාපන්දු සම්මේලනයේ (FIFA) සභාපති ජියෝවානි ඉන්ෆැන්ටිනෝ (Giovani Infantino) මහතා අද (19) දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.ඔහු සමඟ ලෝක පාපන්දු සම්මේලනයේ උසස් නිලධාරීන් පස් දෙනෙකු ද දූත පිරිස ලෙස පැමිණ ඇති බව ගුවන්තොටුපළ ප්‍රකාශයෙකු සඳහන් කළා.ඔවුන් අද (19) උදෑසන 08.15 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට QE 574 දරණ ග්ලෝබල් බොම්බැඩියර් 5000 වර්ගයේ පෞද්ගලික ජෙට් ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.මෙම පිරිස පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රය වෙත පැමිණ තිබුණා.අද (19) දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිව් ජාතික පාපන්දු තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ෂීෂෙල්ස් අතර පැවැත්වීමට නියමිත අවසාන මහා තරගයේ ප්‍රධාන අමුත්තා ලෙස ද සහභාගී වීමට නියමිතයි.හෙට දිනයේ දී මොවුන් මෙම සංචාරය නිමා කර ආපසු පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles