Saturday, April 20, 2024

දේශීය දුරකථන ගාස්තු හා අන්තර්ජාල ගාස්තුත් ඉහළට

දේශීය දුරකථන ගාස්තු සහ අන්තර්ජාල ගාස්තු ඉහල දැමීමට සිදුවනු ඇති බවත් එම සේවා සපයන සමාගම් විසින් තාක්ෂණ අමාත්‍යංශයට දැනුම්දී තිබේ.

ඇමරිකානු ඩොලරයක මිල ඉහළ යාම හේතුවෙන් ඒ හා සම්බන්ධ සේවා ද ඉහළ දැමීමට සිදුව ඇතැයි ඔවුන් පෙන්වාදී ඇත.

දැනටමත් ජාත්‍යන්තර දුරකථන ගාස්තු මිල ඉහළ නංවා ඇති අතර ඉදිරියේදී සැලකිය යුතු ප‍්‍රතිශතයකින් දේශීය ඇමතුම් ගාස්තු සහ අන්තර්ජාල ගාස්තු ඉහල දැමීමට ඔවුන් ඉල්ලා ඇත.

තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්, ජයන්ත ද සිල්වා මහතා සඳහන් කරන්නේ, දුරකථන සමාගම් මේ පිළිබඳව අමාත්‍යාංශය දැනුවත් කර ඇති බවයි.

‍කෙසේ වෙතත් දේශිය ඇමතුම් ගාස්තු හෝ අන්තර්ජාල ගාස්තු ඉහළ දැමීමට මේවන තෙක් කිසිඳු අනුමැතියක් ලබා දී නැති බව, තාක්ෂණික අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles