Thursday, April 25, 2024

ධම්මික පෙරේරා කියපු දේ කරයි… අද සිට දිනකින් පාස්පෝට්…!!!

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ, මාතර, වවුනියාව, සහ මහනුවර ප්‍රාදේශීය කාර්යාලවල එක්දින සේවය යටතේ විදේශ ගමන් බලපත් නිකුත්කිරීම අද (04) සිට ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව එම කාර්යාල ඔස්සේ දෛනිකව එක් දින සේවය වෙනුවෙන් කලින් දිනයක් සහ වේලාවක් වෙන් කර ගත් අයදුම්කරුවන් 100 දෙනෙකු සඳහා මෙම සේවාව සපයන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර www.immigration.gov.lk යන වෙබ් අඩවියට පිවිස අදාළ ප්‍රාදේශීය කාර්යාල වෙත අයදුම්පත් භාරදීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන් කර ගත හැකි වනවා. 

මහනුවර, මාතර සහ වව්නියාව යන ප්‍රාදේශීය කාර්යාල මගින් සාමාන්‍ය සේවය යටතේ විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා මේවනවිට අයදුම්කරුවන් වෙත මේනවිට දිනයන් සහ වේලාවන් ලබාදී ඇති බැවින් එක්දින සේවය මෙලෙස 100 දෙනෙකුට සීමා කිරීමට සිදුවන බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුව පැවසුවේ. කලින් දිනයක් සහ වේලාවක් වෙන් නොකර විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ප්‍රාදේශීය කාර්යාලවලට නොපැමිණෙන ලෙස ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළා. 

මේ අතර ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් එක්දින සේවාව යටතේ ගමන් බලපත්‍ර ලබාගැනීමට අයැදුම්පත් භාරදීම සඳහා ඉදිරි දින 60 ක කාලසීමාව තුළ දින හා වේලාවන් වෙන්කර ගෙන අවසන් බවයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ. 

එසේම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන් එක්දින සේවා යටතේ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අයදුම්පත් ලබාදීමට ඉදිරි දින 60 සඳහා දින සහ වේලාවන් වෙන් කරගෙන තිබීම හේතුවෙන් කඩිනමින් රැකියාවක් සඳහා විදෙස් ගතවීමට බලාපොරොත්තු වන පුද්ගලයින් ඒ බව තහවුරු කරන ලියකියවිලි සමඟ 0706311711 යන දුරකථන අංකයට Whatsapp පණිවුඩයක් යොමු කිරීම මඟින් දිනයක් සහ වේලාවක් වෙන් කර ගැනීමේ හැකියාව පවතිනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles