Friday, March 29, 2024

නව කැලණි පාලම යහපාලන ආණ්ඩුවේ වැඩක් – පාඨලී

පසුගියදා විවෘත කළ නව කැලණි පාලමේ තනි අයිතිය වත්මන් ආණ්ඩුව විසින් ලියා ගැනීමට උත්සාහ කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

නමුත් මෙම ව්‍යාපෘතිය 2012 මාර්ග සැලසුෙම් තිබුනද 2014 වසරේ ගිවිසුම් අත්සන් කර 2016 වසරේ පැවති යහපාලන ආණ්ඩුවෙන් වැඩ ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් බව ඒ මහතා පැවසීය.

නමුත් ඇති වූ නොයෙක් බාධාවන් මත එය විවෘත කර ගැනීමට නොහැකි වූ බවද ඒ මහතා කියා සිටියේය.

මෙය විවෘත කිරීම ගැන සතුටු වන නමුත් එහි තනි අයිතිය වත්මන් ආණ්ඩුව ගන්න යාම ගැන කණගාටුවන බවද ඒ මහතා සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව අද විවෘත කරන්නේ පැවති යහපාලන සමයේ ආරම්භ කල ව්‍යාපෘති පමණක් බවත් මේ ආණ්ඩුව විසින් කිසිදු වැඩක් කර නැති බවත් ඔහු තව දුරටත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles