Friday, March 29, 2024

නව ගුවන් සමාගම් 4 ක් ලංකාව සමඟ සෘජු ගුවන් ගමන් අරඹයි

ලබන මාසය තුළ ශ්‍රීලංකාවට නව ගුවන් සමාගම් 04 ක් සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිමට නියමිතව ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ අනුව රුසියාවේ AZUR ගුවන් සමාගම දෙසැම්බර් මස 03 වෙනිදා සිට සතියකට දෙවරක් මෙරටට ගුවන් ගමන් අරඹයි. කසකස්ථානයේ සිට AIR ASTANA ගුවන් සේවය ද එදින සිට සතියකට දෙවරක් මෙරටට සෘජු ගුවන් ගමන් අරඹන අතර පෝලන්තයේ LOT POLISH ගුවන් සමාගම දෙසැම්බර් 08 වෙනිදා සිට ශ්‍රී ලංකාවට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරිමට සැලසුම් කර තිබේ.

මීට අමතරව ඉතාලියේ සිට NEOS ගුවන් සමාගම ලබන මස 15 වෙනිදා සිට ගුවන් ගමන් ආරම්භ කිරිමට නියමිත බව ද ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

පසුගිය දින කීපය තුළ AEROFLOT, AIR FRANCE ගුවන් සමාගම් ඇතුළු නව ගුවන් සමාගම් 04 ක් සිය සෘජු ගුවන් ගමන් ශ්‍රී ලංකාව සමග ආරම්භ කළ අතර නව ගුවන් සමාගම් මෙලෙස සෘජු ගුවන් ගමන් ශ්‍රී ලංකාව සමග ආරම්භ කිරීම මෙරට සංචාරක කර්මාන්තය යළි ගොඩ නැගීමේ කාර්යයට රුකුලක් බව පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා කොවිඩ් වසංගතයට පෙර මෙරටට ගුවන් සමාගම් 37 ක් පමණ ගුවන් මෙහෙයුම් සිදු කළ අතර මේ වන විට ගුවන් සමාගම් 17 ක් මගී ගුවන් මෙහෙයුම් නැවත ආරම්භ කර ඇත.

ගුවන් භාණ්ඩ මෙහෙයුම් යළි ආරම්භ කර ඇති ගුවන් සමාගම් ගණන 08කි. මීට පෙර ශ්‍රී ලංකාවට ගුවන් ගමන් සිදු කළ සියලු සමාගම් සමග නැවත මෙරටට ගුවන් ගමන් ආරම්භ කිරීමට සාකච්ඡා කෙරෙමින් පවතියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles