Wednesday, April 24, 2024

නව වෛරසයක්! බලාගෙනයි…! ඉදිරිය අවදානම්….!

රට පුරා මේ දිනවල පැතිර යමින් ඇත්තේ කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයක් විය හැකි බව ‍ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය සඳහන් කරයි.

පවතින කාලගුණයත් සමග ඇතිවන තද උණ සහ නිව්මෝනියා තත්ත්වය ඒවැන්නක පෙරනිමිති බවට සැක පහළ වී ඇත.

රෝගයේ ස්වභාවය අනුව එලෙස විවිධ ප්‍රභේදයන් ඇතිවිය හැකි යැයි සංගමයේ සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න මහතා පැවසීය.

මෙම තත්වයත් සමඟ කොරෝනා සමයේ පිළිපදින ලද සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද ඒ ආකාරයටම පිළිපැදීම මේ මොහොතේ ද අත්‍යවශ්‍ය බවත් මුව ආවරණයක් නිසි නිසි ලෙස පැළඳීම ඉතා වැදගත් බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles