Friday, April 19, 2024

“න්‍යෂ්ටික යුද්ධයක් අත ළඟයි” – එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු අඟවයි

අහඹු ලෙස හෝ සැලසුමක් සහිතව ඇරඹුණු යුක්රේන යුද්ධය තවදුරටත් උත්සන්න කිරීම සමස්ත මානව වර්ගයාටම තර්ජනයක් වනු ඇති අතර, මෙම ගැටුම න්‍යෂ්ටික යුද්ධයකින් අවසන්වීම වැඩි ඈතක නොවන බවට එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් අනතුරු ඇඟවීය.

ලෝකය තුළ න්‍යෂ්ටික යුද්ධයක අපේක්ෂාව මීට කලකට පෙර යළි නොපැමිණෙන එකක් ලෙස මිනිසුන් සිතා සිටියත්, දැන් නැවතත් එවැන්නක හැකියාව ලෝකය තුළ පවතින බව හෙතෙම සඳහන් කළේය.

බටහිර පැත්තෙන්, යුරෝපයේ සහ එක්සත් ජනපදයේ සමහර පණ්ඩිතයන් සහ දේශපාලනඥයන් යුක්රේනයට ඉහළින් පියාසර තහනම් කලාපයක් ප්‍රකාශයට පත් කරන ලෙස නේටෝවට බලපෑම් කරමින් සිටින අතර, යුක්රේනයට ඉහළ අහසේදී රුසියානු ගුවන් යානා වෙඩි තබා බිම හෙලීමට සහ න්‍යෂ්ටික බලය ගෙන ආ යුතු බව කියති. කෙසේ වෙතත් සුපිරි බලවතුන් එකිනෙකා සමග විවෘත යුද්ධය සඳහා වන මෙම කැඳවීම්වලට නේටෝ නායකයන් මේ වනවිට විරුද්ධ වී ඇති අතර, නේටෝ සාමාජිකයෙකුට පහර දෙන්නේ නම් මිස රුසියාව සමග සෘජු යුද්ධයකට යෑමට තවමත් ඔවුන් කල්මරමින් සිටියි.

නමුත් න්‍යෂ්ටික ගැටුමේ අවතාරය පසෙකින් තබා ගුටරෙස් අනතුරු ඇඟවූයේ, කවුරුන් කෙසේ කීවත් මෙම යුද්ධයට ජයග්‍රාහකයන් නොසිටිනු ඇති අතර, පරාජිතයින් පමණක් සිටිනු ඇති බවයි. ලෝකයේ දුප්පතුන්ට ආහාර මිල ඉහළ යාම දැඩිව බලපාන බව පෙන්වා දුන් ගුටරෙස්, යුක්රේනය පමණක් ලෝක ආහාර වැඩසටහනේ තිරිඟු සැපයුමෙන් අඩකට වඩා සපයන බවත්, ලෝකයේ සූරියකාන්ත තෙල් සැපයුමෙන් අඩක් රුසියාව සහ යුක්‍රේනය එක්ව සිදුකරන බවද සඳහන් කළේය.

“මෙම යුද්ධය යුක්රේනයෙන් ඔබ්බට යනවා. මහා ව්‍යසනයක් ගෝලීය ආර්ථිකය මත වැටී තිබෙනවා. විශේෂයෙන්ම සංවර්ධනය වෙමින් පවතින ලෝකයට අනතුර වැඩියි.” ගුටරෙස් වැඩිදුරටත් සඳහන් කළේය

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles