Tuesday, April 16, 2024

නාගදීපය සිංහල බෞද්ධ අයගේ පමණක් නොවෙයි – නාගදීප විහාර පූජාභූමිය ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගන්වමින් අගමැති කියයි

එදත් උතුරේ ජනතාව ආරක්ෂා කළ අපි අදත් එම ජනතාව ආරක්ෂා කරමින් මේ පළාත සංවර්ධනය කිරීමට රජයක් ලෙස බැඳී සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඓතිහාසික නාගදීප පුරාණ රජමහා විහාර පූජාභූමිය ප්‍රකාශයට පත්කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම සඳහා යාපනය නාගදීප රජමහා විහාරස්ථානයේ පැවැති ආගමික උත්සවයට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා (19) මේ බව සඳහන් කළේය.

වන්දනාමාන කිරීමට පැමිණෙන බැතිමතුන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් පුළුල් කරමින් නාගදීප විහාරස්ථානය තවදුරටත් දියුණු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යතුමා මෙහිදී ප්‍රකාශ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

චූලෝදර මහෝදර මාමා හා බැණා අතර, ඇතිවු මැණික් පුටුවක් සඳහා වූ යුද්ධය නතර කිරීමට තමයි බුදුරජාණන් වහන්සේ මෙම පුණ්‍ය භූමියට වැඩිය බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙන්නේ.

එදා සියලු දෙනාට ධර්මය දේශනා කරපු නිසා ඇති වීමට ගිය මහා විපත්තිය නතර කර ගැනීමට පුළුවන් වුනා.

එදා ඉඳලා මේ වටිනා ස්ථානය සිංහල බෞද්ධ අයගේ පමණක් නොවෙයි, බෞද්ධ දර්ශනයට ලැදි සෑම ජාතියකම අයගේ වැදුම් පිදුම් ලබන පුණ්‍ය භූමියක් බවට පත් වුණා.

දුටුගැමුණු රජතුමා, සද්ධාතිස්ස රජතුමා වැනි ශ්‍රේෂ්ඨ පාලකයින් මෙම ස්ථානය තම පාලන කාල වල දී ආරක්ෂා කළ බව ඉතිහාසයේ සඳහන් වෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles