Friday, March 29, 2024

නිමි ඇඳුම්වල මිලත් ඉහළ යන ලකුණු

පවතින අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හේතුවෙන් සියලුම නිමි ඇඳුම් මිල 30% – 31% ත් අතර ප්‍රමාණයකින් ඉහළ දැමීමට සිදුව තිබෙන බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පමණ කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා.

මෙරටට අමුද්‍රව්‍ය ගෙන්වීමේදී අඩි 40 ක කන්ටේනරයක් වෙනුවෙන් ප්‍රවාහන ගාස්තු ලෙස මෙතෙක් නැව් සමාගම් අය කර ඇත්තේ රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් වන අතර මේ වනවිට එය රුපියල් ලක්ෂ දහයකට ආසන්න වී ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

මෙරට පවතින තත්ත්වය තුළ දේශීය නිමි ඇඳුම් කර්මාන්තය දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බවත් මේ හේතුව නිසා දහස් ගණනකට රැකියා අහිමි වෙමින් තිබෙන බවත් සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පමණ කර්මාන්තකරුවන්ගේ සංගමය සඳහන් කළා.

භාණ්ඩයක් වශයෙන් ගෙන්වීමේදී වර්ග අඩියකට අය කළ රුපියල් 6,000ක මුදල රුපියල් 25,000 කට ආසන්න වී තිබෙන බවද එම සංගමය වැඩිදුරටත් පෙන්වා දුන්නා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles