Friday, April 26, 2024

පරරාජසිංහම් ඝාතනය එළියට පනියි..

දැඩි ලෙස ආන්දෝලනයට තුඩුදුන් මඩකලපුව දිස්ත්‍රික් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ගේ ඝාතනයට අදාල කරුණු මේවනවිටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන ඇත. මේ වනවිටත් අත්අඩංගුවට ගෙන ඇති පිල්ලෙයාන් නොහොත් ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන්ට සහ කරුණා අම්මාන් නොහතේ විනයාගමූර්තු මුරලිදරන්ට එම ඝාතනයට චෝදනාව එල්ලවන ලකුණු පෙනෙන්ට ඇත.

2004 වර්ෂයේ මහ මැතිවරණයෙන් මඩකලපුව දිස්ත්‍රික්කයට පරරාජසිංහම් සහ පිල්ලෙයාන්, කරුණා හිතවතුන් කීප දෙනෙක් තරඟ වැදුනත් ජයගත හැකිවූයේ පරරාජසිංහම්ට පමණි. නමුත් පිල්ලෙයාන් විසින් තම හිතවතෙකු වන රාජන් සත්‍යමූර්තිට එම මන්ත්‍රීධූරය ලබාදෙන ලෙස පරරාජසිංහම්ට බලපෑම් කලත් ඔහු එයට එකඟ නොවී ඇත. පසුව එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් රාජන් සත්‍යමූර්ති මරාදමනු ලැබූහ. එවිට කරුණා අම්මාන් ලංකාව තුල නොවීය.සෘජුවම එල්.ටී.ටී.ඊ සංවිධානයේ අනුග්‍රහය පරරාජසිංහම්ට ලැබුණු බව නොරහසකි.

පරරාජසිංහම්ට පසුව මනාප ලයිස්තුවේ සිටියේ පිල්ලෙයාන්ට හිතවතෙකුව සිටි අරිනේන්ද්‍රන්ය. 2005 නත්තල්  දින මඩකලපුවේදී පරරාජසිංහම් ඝාතනය කරනු ලැබූ අතර ඉන් පසු මන්ත්‍රීධූරයේ දිව්රුම් දුන්නේ අරිනේන්ද්‍රන්ය. මෙම ඝාතනයට සෘජුවම සම්බන්ධ තුවක්කුකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් මියගොස් ඇති අතර අනෙකා අතුරුදහන්ව ඇත. එසේම මෙම ඝාතනය සඳහා ආයුධ ලබාදී ඇත්තේ හමුදා බුද්ධි අංශ සමාජිකයෙකු බව සොයාගෙන ඇති අතර ඒ පිළිබඳව විමර්ශණ සිදුකරමින් පවතී.

මන්ත්‍රී රවිරාජ් ඝාතනයද පිල්ලෙයාන්-කරුණා කණ්ඩායම් වල ගිණුමට බැරව ඇති අතර, පසුගිය දිනක කරුණා අම්මාන්ගෙන් පොලීසිය ප්‍රශ්න කිරීමද කරනු ලැබීය.

Source – www.sathhanda.lk

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles