Thursday, April 25, 2024

පල්ලියකදී කුරානයක් ගිනි තැබූ පුවතකින් පකිස්තානය කැළඹෙයි.

එක්තරා ඉස්ලාම් නිකායික දේවස්ථානයකදී ශුද්ධ වූ කුරානය ග්‍රන්ථයක් ගිනි තැබූ බව කියන සිද්ධියක් හේතුවෙන් පකිස්තානයේ චර්සාදා දිස්ත්‍රික්කයේ දැඩි කලහකාරී වාතාවරණයක් හටගෙන තිබේ.

විදෙස් වාර්තා සදහන් කළේ කෝපයට පත් පිරිස් වීදිවලට බැස සටන් පාඨ කියමින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණයක නිරත වූ බවයි.

මෙහිදී විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් දේපළ රැසකට හානි සිදුව ඇති බවත් එරට වාර්තාවල දැක්වේ.

විරෝධතාකරුවන් මණ්ඩානී ප්‍රදේශයේ පොලිස් ස්ථානයකට ද කඩා වැදී එයට හානි කර ඇති අතර එහිදී පොලිස් වාහන සහ යතුරපැදි 17කට හානි සිදුව ඇත.

එරට බලධාරීන් සදහන් කළේ තත්වය පාලනය කිරීම සදහා අතිරේක පොලිස් බලඇණි පවා කැදවීමට සිදුව ඇති බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles