Tuesday, April 16, 2024

පළමු ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව ලකුණු 187 කින් ජය ගනී

ශ්‍රී ලංකාව සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (25) සමත්විය.ඒ ලකුණු 187කිනි.

දෙවන ඉනිම වෙනුවෙන් ශ්‍රි ලංකාව ලකුණු191ක් රැස් කළා.

ඒ අනුව තරගය ජය ගැනීමට කොදෙව්වන්ට හිමිවූ ඉලක්කය ලකුණු 348 ක්.

තරගයේ 5වන දිනය වූ අද දිනයේ ලකුණු 348ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය සංචාරක කොදෙව් කණ්ඩායමේ දෙවන ඉනිම ලකුණු 160කට සියලු දෙනා දැවී ගියේය.

පළමු ඉනිමේ පන්දු යැවීමේදී ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 4 ක්, රමේෂ් මෙන්ඩිස් කඩුලු 3 ක් හා ලසිත් ඇඹුල්දෙණිය, ධනංජය ද සිල්වා,සුරංග ලක්මාල් එක් කඩුල්ල බැඟින් දවා ගැනීමට සමත් වුණා.

එහිදී පන්දුවට පහරදුන් දිමුත් කරුණාරත්න ලකුණු 83 ක් හා ඇන්ජලෝ මැතිච්ස් ලකුණු 69 ක් ලබා ගැනීමට සමත් වුණා.

එහිදී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 5 ක් හා රමේෂ් මෙන්ඩිස් කඩුලු 4 ක් බිඳ හෙළීමට සමත් වුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles