Saturday, April 20, 2024

පළාත් අතර පයින් යන අයත් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක්

බස් රථවලින් පළාත් මායිම් වෙතට ළඟා වී අනෙක් පළාත් වෙත පා ගමනින් යන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ මෙහෙයුමක් අරම්භ කර තිබෙනවා.

එසේ නීති උල්ලංඝනය කරන පුද්ගලයන් හා ඊට අනුබල දෙන බස් රියැදුරන් හා කොන්දොස්තරවරුන් සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති,නීතිඥ අජිත් රෝහණ මහතා පැවසුවේ.

පොදු ප්‍රවාහන සේවා වලට හෝ අතවශ්‍ය සේවා හැර අන් කිසිවෙකුට පළාත් මායිම් හරහා ගමන් කළ නොහැකි බව ඔහු පැවසුවා.

සෑම පළාතක්ම ආවරණය වන පරිදි පළාත් මායිම් වල විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා ඇති අතර සියලු අතුරු මාර්ග,පාලම් ආවරණය වන පරිදි මාර්ග බාධක,පොලිස් සංචාර යොදවා ඇති බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියා

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles