Saturday, April 20, 2024

ප්‍රතික්ෂේපිත නාම යෝජනා…

පළාත් පාලන මැතිවරණය මාර්තු මස 09 වනදා පැවැත්වීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට දිනය දැනුම් දුන් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. පළාත් පාලන මැතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීම ඊයේ මධ්‍යහ්න 12න් අවසන් වුණා. ඉන් අනතුරුව පස්වරු 1යි 30 දක්වා විරෝධතා දැක්වීමට අවස්ථාව ලබාදුන් බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ දිනය දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීන් වෙත දැනුම් දුන්නේ ඉන් අනතුරුවයි.
මේ අතර ගාල්ල දිස්ත්‍රික්කය සඳහා ඉදිරිපත් වූ නාම යෝජනා 6ක් ප්‍රතික්ෂේප වූ බව පැවසෙනවා

ගම්පහ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 19 ක් සදහා පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 198 ක් අතුරින් නාම යෝජනා පත්‍ර 7 ක් ප්‍රතික්‍ෂේප වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරී සමන් දර්ශන පාඩිකෝරාල මහතා පවසයි.

මීගමුව මහ නගර සභාව සදහා අභිනව නිවහල් පෙරමුණ  , බියගම ප්‍රාදේශීය සභාවට ජන සෙත පෙරමුණ සහ මිනුවන්ගොඩ නගර සභාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ  ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර සහ වත්තල – මාබෝලේ නගර සභාව, බියගම ප්‍රාදේශීය සභාව සඳහා සහ දොම්පෙ ප්‍රාදේශීය සභාව සදහා නාම යෝජනා පත්‍ර දෙකක් වශයෙන් ස්වාධීන කණ්ඩායම්  ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර මෙලෙස ප්‍රතික්ෂේප වූ බව ගම්පහ දිස්ත්‍රික් තේරීම් බාර නිලධාරීයා  ප්‍රකාශයට පත් කරනු ලැබීය.

මාතර දිස්ත්‍රික්කයේ නාම යෝජනා පත්‍ර 2ක්ද ප්‍රතික්ෂේප වූ බවයි

මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදිරිපත් වූ නාම යෝජනා අතුරින් නාම යෝජනා දෙකක් ප්‍රතික්ෂේප වූ බව දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පී සුමනසේකර පවසනවා.

ලුණුගම්වෙහෙර ප්‍රාදේශිය සභාව සඳහා ජන සෙත පෙරමුණ ලබා දුන් නාම යෝජනා පත්‍රය හා කටුවන ප්‍රාදේශීය සභාවට ස්වාධීන කණ්ඩයමක් ඉදිරිපත් කර තිබූ නාම යෝජනා පත්‍රයක් එලෙස ප්‍රතික්ෂේප වූ බවයි තේරීම්භාර නිලධාරියා පැවසුවේ.

පිළිගත් දේශපාලන පක්ෂ 71 ක් සහ ස්වාධීන කණ්ඩායම් 14  ක් සමඟ කණ්ඩායම් 85 ක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12 ක් සඳහා තරග වැදීමට සුදුසුකම් ලබා තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles