Wednesday, April 24, 2024

ප්‍රථම වරට ලෝක සංචාරක රූ රැජින කිරුළ ලංකාවට

ලෝක සංචාරක රූ රැජින කිරුළ නලීෂා බානුට හිමිව තිබේ. ලෝක සංචාරක රූ රැජන 2021 (World of world tourism) තරගාවලියේ කිරුළ හිමිකරගැනීමට ශ්‍රී ලංකාවේ නලීෂා බානු ඊයේ (28 වැනිදා) සමත් විය. මෙවර එම තරගාවලිය පැවැත්වූයේ පිලිපීනයේ වන අතර රටවල් 30ක තරගකාරිනියන් අතරින් 22 හැවිරිදි ඇය මෙම ජයග්‍රහණය ලබාගෙන ඇත.

එහිදී දෙවැනි ස්ථානය ඉක්වදෝරයට හා තෙවන ස්ථානය කැනඩාවට හිමි විය. මීට පෙර ලෝක සංචාරක රූ රැජන තරගාවලියෙන් තුන් වන ස්ථානයක් ශ්‍රී ලංකාව ලබාගෙන තිබුණද ප්‍රථම ස්ථානය දිනාගත් පළමු අවස්ථාව මෙය වේ.

රූ රැජින කිරුළට අමතරව miss popular සහ miss talent යන ඉසව් ද්විත්වයෙන්ද නිලීෂා බානු ජයග්‍රහණය කර ඇත. Miss talent ඉසව්වෙන් ඇයට ජයග්‍රහණය හිමිව ඇත්තේ අංගම්පොර හා ගින්දර එකතුව සිදුකළ රඟදැක්වීමකිනි. තරගාවලිය මාර්ගගතව රටවල් කිහිපයක විකාශනය කෙරුණු අතර ලංකාවේ වේලාවෙන් ඊයේ ඊයේ (28 වැනිදා) උදෑසන 10.30ට පමණ ඇයට කිරුළ හිමිවිය. ඇයගේ පුහුණුකරු වන්නේ රුක්මල් සේනානායකය.

විශේෂයෙන් ඇයව මෙම තරගයට එනමි Mr & Miss Teen Tourism සහ International Tourism Queen තරගයට ගෙන ඒම සඳහා ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යක්ෂක ලෙසින් කටයුතු කරන්නේ චරිත් ගුණසේකර මහතා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළේය.

Miss Teen Tourism සහ International Tourism Queen තරගය සඳහා ශ්‍රී ලංකාවේ වෙනුවෙන් ජාතික අධ්‍යක්ෂක ලෙස ඉටු කළ චරිත් ගුණසේකර

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles