Thursday, March 28, 2024

ප්‍රමාණවත් පරිදි පොහොර නොලැබීම පොහොර ⁣දිවයින පුරා එළවළු හිඟයක්

සිය ගොවිතැන් සඳහා ප්‍රමාණවත් පරිදි පොහොර නොලැබීම හේතුවෙන් ගොවින් එළවළු වගාව අත්හැර දැමීම සහ වගා කලද එළවළු අස්වැන්න අඩුවීම හේතුවෙන් මේ වන විට දිවයින පුරා එළවළු හිඟයක් ඇතිව තිබෙනවා.

මැනිං පොදු වෙළෙඳ සංගමයේ සභාපති එච්.එම්. උපසේන මහතා පවසන්නේ ඒ හේතුවෙන් පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළට එළවළු ලැබීම 60%කින් පමණ අඩුවී ඇති බවයි.

ඔහු සඳහන් කරන්නේ මැනිං වෙළෙඳපොළට වෙනදා එළවළු පැමිණෙන නුවරඑළිය, යාපනය, තංගල්ල, අකුරැස්ස, මහනුවර, මඩකලපුව සහ දෙනියාය ඇතුළු දිවයිනේ එළවළු වගාකරන සෑම ප්‍රදේශයකින්ම එළවළු තොග ලැබීම සීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles