Friday, April 19, 2024

ප්‍රමාද වී පාසල් ආරම්භ කළ ද අධ්‍යයන වර්ෂ නිසි පරිදි අවසන් කරනවා

ප්‍රමාද වී පාසල් ආරම්භ කළ ද අධ්‍යයන වර්ෂ නිසි පරිදි අවසන් කරමින් විෂය කරුණු ආවරණය කිරීම සඳහා විකල්ප ක්‍රමවේද භාවිතා කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සාමාන්‍ය පරිදි දෙසැම්බර් මස අවසන් වීමෙන් පසු සෑම සිසුවෙකුම තමාට හිමි ඊළඟ ශ්‍රේණියට උසස් කෙරෙන අතර අතපසු වූ විෂය කරුණු යම් යම් ක්‍රමවේද ඔස්සේ ආවරණය කෙරෙනු ඇති.

අධ්‍යාපන අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනය සමග ද සාකච්ඡා කර තිබෙනවා.

එහිදී විකල්ප ක්‍රමවේද ලෙස සෙනසුරාදා දිනයන් හි පාසල් පැවැත්වීම, අමතර පැය ගණනක් එක් කරමින් විෂය කරුණු ආවරණය කිරීම පිළිබදව අවධානය යොමුව ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ප්‍රකාශ කළේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles