Tuesday, April 16, 2024

ප්‍රහාරය ගැන තොරතුර සාමාන්‍ය එකක්.. එය සුවිශේෂ නම් ලංකාවට දැනුම් දෙනවා – රෝ ඔත්තු සේවය

LTTE සංවිධානය මැයි මස 18වැනි දින ශ්‍රී ලංකාවට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් මෙරට බුද්ධි අංශ ඉන්දීය බුද්ධි අංශ වලින් කරුණු විමසා තිබේ.

ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ, එය සාමාන්‍ය බුද්ධි තොරතුරක් ලෙස ඉන්දීය බුද්ධි අංශ මෙරටට දන්වා ඇති බවය.

කෙසේ වෙතත් මේ පිළිබඳව තවදුරටත් විමර්ශනය කර වැඩිදුර තොරතුරු ඇත්නම් නම් ඒ පිළිබඳව මෙරටට දැනුම් දීමට කටයුතු කරන බව ඉන්දීය බුද්ධි අංශ දන්වා තිබේ.

කෙසේ වෙතත් මෙම තොරතුර සහ ජාතික ආරක්ෂාව හා සබැඳිව බුද්ධි සහ ආරක්ෂක අංශ වෙත ලැබෙන සියලු තොරතුරු පිළිබඳව නිසි විමර්ශනය කර අදාල ආරක්ෂක අංශ දැනුවත් කර ආරක්ෂාව තර කිරීම සඳහා සියලු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර ඇත ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ය.

මුල්ලිවයිකාල් සංවත්සරය නිමිත්තෙන් විදේශගත ශ්‍රී ලාංකික දෙමළ සංවිධාන ප්‍රහාර සැලසුම් කර ඇති බව හින්දු පුවත්පත පසුගිය 13 වැනිදා අනාවරණය කළේ ය.

රට ගැඹුරු ආර්ථික හා දේශපාලන අර්බුදයක පැටලී ඇති හෙයින්, ශ්‍රී ලංකාව තුළ ප්‍රහාර දියත් කිරීම සඳහා තහනම් කරන ලද LTTE සංවිධානයේ පැරණි සාමාජිකයින් යළිත් එක්වී සිටින බවට ඉන්දීය බුද්ධි අංශ අනතුරු අඟවා ඇතැයි හින්දු පුවත් පත පැවසුවේ ය.

එම වාර්තාවේ දැක්වුණේ බහුජාතික සම්බන්ධතා ඇති ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාවේ සමහර කොටස් විරෝධතාකරුවන් සහ ආරක්ෂක හමුදා අතර පවතින ගැටුම්වලදී ඔවුන්ගේ පැවැත්ම පෙන්වීමට උත්සාහ කරමින් සිටි බව සිකුරාදා ඉන්දීය ආරක්ෂක අංශ උපුටා දක්වමින් හින්දු වාර්තා කළේ ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles