Friday, April 19, 2024

ප්‍රියන්තගේ බිරිඳට පාකිස්තානය පොරොන්දු ඉටු කරයි. ප්‍රියන්ත වෙනුවෙන් වන්දි මුදලක් සහ ඉදිරි වසර 10 සඳහා වැටුප් ගෙවයි

පකිස්ථානයේදී ඝාතනයට ලක්වූ ප්‍රියන්ත කුමාර වෙනුවෙන් එරට ව්‍යාරික ප්‍රජාව සහ ඔහු සේවය කළ කර්මාන්ත ශාලාවේ මාසික වැටුප ද සහිතව ඩොලර් ලක්ෂයක මුදලක් බිරිඳගේ ගිණුම වෙත යොමුකර තිබෙනවා.

පකිස්තාන අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ ප්‍රියන්ත කුමාරගේ මාසික වැටුප සෑම මාසයකදීම ඔහුගේ බිරිඳට යැවීමට සමාගමේ බලධාරීන් එකඟතාව පළකර ඇති බවයි.



රාජ්‍කෝ ඉන්ඩස්ට්‍රීස් හා පකිස්තානු ව්‍යාපාරික ප්‍රජාව සඳුදා (17) ශ්‍රී ලාංකික පුරවැසි වන ප්‍රියන්ත කුමාරගේ වැන්දඹුවට අරමුදල් සහ පළමු වැටුප මාරු කර ඇති බව Geo News පඩිපතද සාක්ෂි ලෙස දක්වා වාර්තා කර තිබේ.


ඔහු සේවය කළ ආයතනයේ ඩොලර් 1,667 ක් (රුපියල් තුන් ලක්ෂ තිස්දාහක් පමණ) වටිනා පළමු වැටුප සමඟ ව්‍යාපාරික ප්‍රජාව එක්වරක් පිරිනමන ඩොලර් 100,000 ක් (රුපියල් මිලියන 20 ක්) වටිනා පරිත්‍යාගයක් ශ්‍රී ලංකාවේ ප්‍රියන්ත කුමාරගේ වැන්දඹු බිරිඳගේ බැංකු ගිණුමට මාරු කර ඇත.
රාජ්‍කෝ ඉන්ඩස්ට්‍රීස් ඉදිරියේදී ඇයගේ ගිණුමට වසර 10ක් තිස්සේ මෙම වැටුප් ගිණුම් ගත කරනු ඇත.

මෙම මුදල මෙරට වටිනාකමින් රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයකට ආසන්නයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles