Saturday, April 20, 2024

පාකිස්ථානය අවසාන මහා තරගයට…

මෙවර T20 ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරඟය අද (09) නවසීලන්ත කණ්ඩායම හා පාකිස්තාන කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම සිය පන්දුවාර 20 තුළ කඩුළු 4 ක් දැවී ලකුණු 152 ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 19 ක් තුළ කඩුලු 3 ක් පමණක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා. එහිදී නායක බාබර් අසාම් සහ ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් අර්ධ ශතක වාර්තා කිරීම විශේෂත්වයකි.

ඒ අනුව පකිස්තානය මෙවර T20 ලෝක කුසලානයේ අවසන් තරඟයට සුදුසුකම් ලැබුවා. ඒ අනුව හෙට තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමග පාකිස්ථානය වසර 15කට පසු ලෝක කුසලාන අවසාන මහා තරගයකට දැකගත හැකිවනු ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles