Thursday, April 25, 2024

පාර්ලිමේන්තුව තුළ ආරක්ෂාව ඉල්ලා සජබ මන්ත්‍රීවරැන් පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවයක

පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවේ ප්‍රචණ්ඩත්වට එරෙහිව සමඟි ජන බලවේගයෙ මන්ත්‍රීවරුන් අද (06) පාර්ලිමේන්තුව වර්ජනය කරමින් පාර්ලිමේන්තු සංකිර්ණය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.

පාර්ලිමේන්තුව තුළ සිය ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලමින් තමන් මෙලෙස විරෝධත්වයේ නිරත වන බවයි මන්ත්‍රීවරුන් පවසා සිටියේ.

විරෝධතාවයෙන් පසු සමඟි ජනබලවේග මන්ත්‍රී පිරිස පාර්ලිමේන්තු විවාදයට සහභාගී වීම ද වර්ජනය කළා.

මේ අතර පාර්ලිමේන්තුවේදී පසුගියදා ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳව වාර්තාවක් කැඳවීමට කථානායකවරයා තීරණය කර තිබෙනවා.

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගෙන් සමන්විත එම කමිටුව මෙම සතිය තුළදී පත්කිරීමට නියමිත බව වාර්තා වනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles