Saturday, April 20, 2024

පාර්ලිමේන්තුව GI බට වලින් සන්නද්ධ කරයි…!

අද (04) පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. එබැවින් බත්තරමුල්ල සහ පාර්ලිමේන්තුව අවට මාර්ගවල දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අතර, බස්රථ පැමිණ විරෝධයකට එක්වන බව පැවසීම නිසා එක් මංතීරුවක් GI බට යොදා පාර්ලිමේන්තු වැට දක්වා ආරක්ෂාව වැඩිකර ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කිරීමට නියමිතව ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ අතර නියෝජ්‍ය කථානායක ධුරය සම්බන්ධයෙන්ද අද දිනයේ තීරණයක් ගැනීමට නියමිතව ඇති අතර සමගි ජන බලවේගයේ විශ්වාස භංගයද ඊයේ (03) කතානායකවරයා වෙත භාරදුන්නා.

මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පැවති සාකච්ඡා පිළිබඳ අමාත්‍යංශයීය ප්‍රකාශයක්ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles