Thursday, March 28, 2024

පාස්කු ප්‍රහාරය නොවැළැක්වීම පිළිබඳව වගකීමෙන් මෛත්‍රීට ගැලවෙන්න බෑ

පාස්කු ඉරිදා එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර නොවැළැක්වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වගකිව යුතු බව ශ්‍රී ලංකා නිතීඥ සංගමය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නිතීඥ සංජීව ජයවර්ධන සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ප්‍රකාශ කළේය.

ආරක්ෂක මණ්ඩලයේ ප්‍රධානියා වශයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රහාරය වළක්වා ගැනීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව පසුගිය 16දා ඔහු අධිකරණයේදී සඳහන් කළේය. බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ප්‍රහාරය මැඩ පැවැත්වීමට කටයුතු නොකිරීමෙන් මූලික අයිතිවාසිකම් කඩ කළැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු ඇතුළු පිරිසකට එරෙහිව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනුකර ඇත. එය විභාගයට ගැනීම සත්පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සිදු වේ.

මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී. බී. දෙහිදෙනිය, මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා සහ ගාමිණී අමරසේකර යන විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනේ.

අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම් ගොනුකරනු ලැබුවේ ශ්‍රි ලංකා නිතීඥ සංගමය, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේවින්දිතයන් වන තුවාල ලැබූ සහ මියගිය අයගේ ඥාතීන් සහ කතෝලික පියතුමන්ලා ඇතුළු පාර්ශ්ව 12කි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles