Thursday, March 28, 2024

පාස්කු ප‍්‍රහාර චෝදනාවලින් ගැලවෙන්න නං විශේෂ කරැණු පහක් පිළිබඳව රටට සත්‍ය හෙළි කළ යුතුයි – අනුර කුමාර ආණ්ඩුවට කියයි

පාස්කු ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවට එල්ල වන චෝදනාවලින් නිදහස් වීමට නම් ආණ්ඩුව විශේෂ කරුණු පහක් පිළිබඳව රටට සත්‍ය හෙළි කළ යුතු යැයි කියමින් ජාතික ජනබලවේගය මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (03 දා) පැවසීය.

ආරක්ෂක අමාත්‍යාංශ වැය ශිර්ෂයේදී අදහස් පළ කරමින් හෙතෙම මේ බව කී අතර එහිදී මෙසේ ද කියා සිටියේය.

“පාස්කු ප‍්‍රහාරය පිළිබඳව ආණ්ඩුව දෙසට එල්ල වෙන චෝදනා වළක්වන්න නම් තමුන්නාන්සේලා පාර්ලිමේන්තුවට කරුණු පහක් පැහැදිලි කළ යුතුව තිබෙනවා. පළමු කරුණ තමයි වවුනතිව් ප‍්‍රදේශයේදී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කිරීම. එය එල්ටීටීඊය දෙසට යොමු කරන්න කටයුතු කළේ කවුද? එය දින 52 ආණ්ඩුව ඇතුළතයි සිද්ධ වුණේ. ඒ වෙලාවේ ඊට වගකිවයුතු අය අත්අඩංගුවට ගත්තා නම් ප‍්‍රහාරයක් වෙන්නේ නෑ. දෙවැනි කරුණ තමයි සහරාන් ඇතුළු කණ්ඩායමට වැටුප් ලබා දුන්නා කියලා සඳහන් වෙනවා. එහෙම නම් ඒ වැටුප් ලබා දුන්නේ කවුරුද? ඊට නිර්දේශ දුන්නේ කවුද? වැටුප් ලබා දුන්නේ කවර පිරිස්වලට ද කියලා හෙළි කළ යුතුයි. ඒ වගේම තුන්වැන්න ටාජ් සමුද්‍රා හෝටලයට ප‍්‍රහාර එල්ල කිරීමට ආ පුද්ගලයා පසුව දෙහිවල ප‍්‍රදේශයේ නවාතැන්පලකදී පුපුරුවා හැරීමක් කර ගන්නවා. ඒත් ටාජ් සමුද්‍රා හෝටලයේ සිට ඒ පිපිරීම දක්වා ඇතුළත කාලයේදී බුද්ධි අංශ ඔහුගේ ගෙදරට යනවා. ඒ වනවිට ඔහු ගැන හෙළිදරව් වෙලාවත් නැතුව බුද්ධි අංශ ඔහුගේ ගෙදරට ගියේ කොහොමද?

පාස්කු ප‍්‍රහාරයට අදාළව ඒ ස්වයං ඝාතක කණ්ඩායම් සතුව තිබූ පරිගණකය පාවිච්චි කරන ලද පුද්ගලයා කවුද කියලා කියන්න. අවසානයේදී ප‍්‍රහාරයෙන් පසුව එහි වගකීම අයි. එස්. අයි. එස්. සංවිධානය මෙහි සිට කතා කළ පොඩි සහරාන්ගේ දුරකථන ඇමතුම පිළිබඳ පිළිතුරු දෙන්න. මේ ගැන ඒ කොමිෂන් සභා වාර්තාවලත් සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම එල්. ටී. ටී. ඊ. සංවිධානයට අයත් රත්තරන් තොගයක් වළ දමා තිබෙනවා කියලා ලද ආරංචිය අනුව ලද තොරතුරට අනුව මහජන ආරක්ෂාව භාර ඇමැතිවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරයා සහ ඇමැති ඩග්ලස් දේවානන්ද මහතාගේ මාධ්‍ය ලේකම් පුදුකුඩිඉරිප්පු ප‍්‍රදේශයට ගොස් උසාවි නියෝගයට පෙර රහසින් හාරන්න උත්සාහයක් දරලා තිබෙනවා. ඒ මේ අයි. ඞීටත් බලපෑම් කරලා තිබෙනවා. මේ ගැන පැහැදිලි පරීක්ෂණයක් කරන්න. ඒ වගේම මේ අවස්ථාවේ කිව යුතුයි හමුදාවේ පහළ සාමාන්‍ය සෙබළුන් මේ වනවිට විශාල පීඩනයකට ලක් වෙලා තිබෙනවා. අර ඥාණා අක්කාගේ හෝටලයක් හදන්න හමුදා නිලධාරීන් යවලා තිබෙනවා. එය සාධාරණද? ඒ වගේම ඔවුන්ට ලබාදෙන ආහාර පිළිබඳව ප‍්‍රශ්න තිබෙනවා. ඒ ගැනත් අවධානය යොමු කරන්න. පොලිසියේත් විශාල වශයෙන් පුරප්පාඩු තිබෙනවා. ඒ නිසාත් පොලිසියේ පහළ නිලයන් විශාල පීඩනයකට ලක්වෙලා.” යනුවෙන් ඔහු පැවසීය.

ඉරිදා දිවයින

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles