Friday, March 29, 2024

පීඩාවට පත් ව්‍යාපාර සඳහා සහන සැලසීමට නොහැකි නමි ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් – මහබැංකු අධිපතිගෙන් බැංකු සහ මූල්‍ය ආයතන වෙත දැනුම් දීමක්

පීඩාවට පත් ව්‍යාපාර සඳහා සහන සැලසීමට ශ්‍රී ලංකා මහබැංකුව, බැංකු සහ මූල්‍ය ආයතන වෙත ලබා දී ඇති උපදෙස් පිළි නො පදින්නේ නම්, ඊට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ නියෝජිතයින් පිරිසක් සමග ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබදව මහබැංකු ශ්‍රවණාගාරයේ ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

මේ අතර ඩොලර් හිඟය හේතුවෙන් අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් 1200ක් පමණ කොළඹ වරායේ සිරව ඇති බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ පරිප්පු, අල, සීනි ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය රැසක් මෙම බහලුම් තුළ පවතින බවයි.

මේ වන විටත් ඒවා නිදහස් කර ගැනීමට අවශ්‍ය ඩොලර් ලබාදෙන ලෙස අදාළ අංශ වෙත දැනුවත් කර ඇති බවයි එම ප්‍රකාශකයා කියා සිටියේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles