Friday, March 29, 2024

පුංචි ඡන්දෙට මැතිවරණ කොමිසම සූදානම් වෙයි

පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්විම සඳහා වන මූලික කටයුතු සිදුකිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.

ඊයේ (23) මැතිවරණ කොමිෂන් සභාව රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගත් අතර ඒ සම්බන්ධයෙන් සියලුම දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් වෙත දැනුම්දීමට පියවර ගෙන තිබෙනවා.

ලබන මාර්තු මාසයෙන් පළාත් පාලන ආයතනවල නිල කාලය අවසන් වීමට නියමිත වීම හේතුවෙන් නොවැම්බර් මාසයෙන් අනතුරුව ඕනෑම අවස්ථාවක පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත්කිරීමට හැකියාව පවතිනවා.

එලෙස පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට තීරණය කළහොත් ඊට අවශ්‍ය මූලික සූදානමක් ලෙස ආකෘති පත්‍ර සකස් කිරීම, නිලධාරී සහ වාහන සංගණන කටයුතු, ඡන්ද මධ්‍යස්ථාන පරීක්ෂා කිරීම් කටයුතු සිදුකිරීමට ද පියවර ගන්නා බව සඳහන්.

ඒ අනුව, 2021 ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි නොවූ පුද්ගලයින් සිටී නම් ඒ සම්බන්ධ තොරතුරු දෙසැම්බර් මස 3 වනදා ට ප්‍රථම මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම්දෙන ලෙස එම කොමිෂන් සභාව දැනුම්දෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles