Thursday, April 25, 2024

පෙම්වතියව බිරිඳ කරගන්නෙ නැතුව වසර 27ක් කසාද නොබැඳ පවුල් කාපු ඩබ්ලිව් ජයසිරි

ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තයටත්,ටෙලි නිර්මාණ ක්ෂේත්‍රයටත් විශාල සේවයක් ඉටු කරපු දක්ෂ රංගන ශිල්පියෙක් තමයි වීරපුල්ලිගේ ජයසිරි එහෙමත් නැත්නම් කොයි කවුරුත් හදුනන ඩබ්ලිව් ජයසිරි කියලා කියන්නේ.

ඔහු දක්ෂ රංගන ශිල්පියෙක්. වර්ෂ 1947 මැයි පළවෙනි දින ගාල්ල ප්‍රදේශයේ ඔහු උපත ලබනවා. නිසි වයසට ආවට පස්සෙ ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයට ඇතුළත් වෙලා වැඩිදුර අධ්‍යාපනය හදාගන්න ඔහු පෙළඹෙනවා. දක්ෂ රංගන ශිල්පියෙක් ට අමතරව ඔහු හදවත ස්පර්ශ කිරීමට හැකි රසවත් ගී පද රචනා කරන ගී පද රචකයෙක් ලෙස ද බොහෝ දෙනෙක් අතර ජනප්‍රියයි. ඔහු ලියු ගීත ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වුණත් මේ ගීත ලිව්වෙ ඔහු ද කියලවත් මිනිස්සු දන්නේ නැහැ.

වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයටත් විශාල මෙහෙයක් ඉටු කරපු ඔහු මුතු කුමාරි ,එයා දැන් ලොකු ළමයෙක් ,මකරාක්ෂයා ආදී නාට්‍ය වලටද තම රංගන දායකත්වය ලබා දෙනවා. ඊට අමතරව මතක හිටින ටෙලි නිර්මාණ වන අකාලසන්ධ්‍යා ,අරුංගල් ,දඬුබස්නාමානය,ගජමුතු  ආදරේ ටෙලි නිර්මාණයන්ට ද රංගන දායකත්වය ලබා දුන්නා.

ඩබ්ලිව්. ජයසිරි කියන්නේ රංගන ශිල්පියෙක්ම පමණක් නෙවෙයි. ඔහු ගීත රචනා රැසක් හරහාත් ලංකාවේ ගොඩක් ජනප්‍රියයි. ඒ වගේම ඔහු විසින් රචනා කල ‘උදුම්බරා හිනැහෙන්නේ’ ‘ආදරයේ ඔබ ඔබමයි’ කියන ගීත ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනා. ඒ වගේම දක්ෂ රංගන ශිල්පියෙක් වන ජයසිරි මහතා 1980 ‘බඹරු ඇවිත්’ සිනමාපටය වෙනුවෙන් රචනා කල ගීතය වෙනුවෙන් වසරේදී හොඳම ගී පද රචනයට හිමි ජනාධිපති සම්මානය පවා දිනාගන්න සමත් වෙනවා. ඉන්පසු 1997 වසරේ ‘දුවට මවක මිස’ සිනමාපටයේ සිදුකල රංගනය වෙනුවෙන් ‘හොඳම සහය නළුවා’ සම්මානය දිනාගන්න ඔහු සමත්වෙනවා.

කෙසේ නමුත් ඩබ්ලිව් ජයසිරි නැමැති මේ විශිෂ්ට රංගන ශිල්පියා ඔහුගේ සහකාරිය සමග එකට ජීවත් වෙන්න පටන් අරගෙන අවුරුදු විසි හතක්. මේ සොඳුරු මොහොත පිළිබඳව ඔහු අපූරු පණිවිඩයක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කරලා තිබ්බා.

ඩබ්ලිව්. ජයසිරි මහතා මේ වනවිට විවාහකයි… ඒ වගේම ඔහුට සුරූපී දියණියන් දෙදෙනෙක් ඉන්නවා, ඉතින් පසුගිය දිනක ඔහුගේ 27වන විවාහ සංවත්සරය සමරලා තිබ්බා… ඉතින් ඒ වෙනුවෙන් ඔහු මුහුණුපොතේ මෙන්න මේ වගේ අපූරු සටහනක් තියලා තිබ්බා.

ඒකේ සඳහන් වෙච්ච අරුමපුදුම දේ තමයි වසර විසි හතක් ගත වෙලත් ඔවුන් නීතියෙන් විවාහක යුවළක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔවුන් දෙදෙනා කසාද බැඳලා නැහැ. කොල කෑල්ලකට සීමා වූ ආදරයක් ඔවුන් අතර නැති බව  ඩබ්ලිව් ජයසිරි මහතා සමාජ මාධ්‍ය ඔස්සේ අපූරු සටහනක් තබමින් සඳහන් කළා. ඒ සටහනේ උපුටාගත් කොටසක් පහතින් දැක්වේ.

” මමයි රූපිකයි කොයිම ආකාරයක හෝ නීතිමය බැඳීමක් නැතිව එකිනෙකා අතර වූ ආදරය හා ගෞරවය නිසා එක වහලක් යටට වී 26-09-2021 අදට විසිහත් අවුරුද්දක් වෙනව. අපේ සෙණෙහසේ මල්ඵල වූ අන්නපූර්ණා හා මන්දාරිකා සමග අපි හතර දෙනාම කිසිවිටෙකත් ආගම්වාදී නොවී, ජාතිවාදී නොවී, අන්තවාදී නොවී සියලු සත්වයෝ නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා, සුවපත් වෙත්වා ප්‍රාර්ථනාවෙන් සාමකාමීව ජීවත්වෙමු.

ඉතින් ඩබ්ලිව්. ජයසිගේ විවාහ සංවත්සරයට අපිත් හදවතින්ම සුබ පතනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles