Thursday, April 18, 2024

‘‘පොහොර බලෙන්දීම ඉන්දියාව පරිප්පු දැම්මා වගේ වැඩක්‘‘

රටේ නිරෝධායන නීති අනුව ප්‍රතික්‍ෂේප වූ පොහොර තොගය බලහත්කාරයෙන් ලබාදීමට උත්සාහ කිරීමේ අයිතියක් චීන සමාගමට නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.

එය මෙය ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවයට හා ස්වෛරීභාවයට බරපතල ප්‍රශ්නයක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පරීක්‍ෂණ ප්‍රතිඵල අනුව අපට භාරගත නොහැකි බව ඉතා පැහැදිලිව ඔප්පු කර තිබියදීත් එම පොහොර අඩංගු නෞකාව නැවත ලංකාවට පැමිණෙන්නේ කෙසේද යන්න ප්‍රශ්නයක් බව කී රාජ්‍ය අමාත්‍යවරයා එය ඉන්දියාව පරිප්පු දැම්මා වගේ වැඩක් යැයි ද කීවේය.

ණයවර ලිපි විවෘත කර මුදල් පැවීමට පෙර පොහොර සාම්පල් ගෙන්වා පරීක්‍ෂා කළ යුතුව තිබූ බව ද කී රාජ්‍ය අමාත්‍යවරයා දැන් අදාළ සමාගම කොහෙන් හෝ වාර්තා හදා පොහොර තොගය ලංකාව තුළ බෑමට උත්සාහ කළොත් විශාල අර්බුදයක් මතුවන බව ද පැවසීය.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආසන සංවිධායක පුරප්පාඩු සඳහා නව සංවිධායකවරුන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්‍ෂණ කටයුතු සඳහා ඊයේ (27) උදෑසන එම පක්‍ෂ මූලස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

නිරෝධායන නීති අනුව එම පොහොරවල අඩංගු දෑ පිළිබඳව විශාල විරෝධයක් තිබියදීත් බලහත්කාරයෙන් ලබාදීමට උත්සාහ කිරීම මෙන්ස පරීක්‍ෂණ සඳහා තුන්වන පාර්ශවයක් වෙත යාම සම්පූර්ණයෙන් වැරදි බව කී ජයසේකර මහතා චීනයේ කුණු කසල මෙරටට ගෙනත් දානවාට විරුද්ධ බවත් පැවසීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles