Friday, March 29, 2024

බංග්ලාදේශය විසින් මෙරටට ලබාදුන් ඩොලර් මිලියන 200ක ණය පහසුකම ආපසු ගෙවීමේ කාලය දීර්ඝ කරයි

හුවමාරැ පහසුකම යටතේ බංගලිදේශ බැංකුව විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් ණය පහසුකමේ වලංගු කාලය පළමු මාස තුනේ ණය පහසුකම අවසන් වීමෙන් පසු මාස තුනකින් දීර්ඝ කර ඇත.

ශ්‍රි ලංකා රජයේ ඉල්ලීමකට අනුව මෙම ණය පහසුකම අලුත් කර ඇති බව මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බංග්ලාදේශයේ නිදහසේ ස්වර්ණ ජයන්ති සැමරුම් උත්සවයට එක්වීම සඳහා බංග්ලාදේශයට ගිය පසු මැයි මාසයේදී ඉන් පසුව මුදල් හුවමාරු කිරීමට මුලපිරී ඇත.

ශ්‍රී ලංකාව සමඟ ඇති කර ගත් මුදල් හුවමාරු ගනුදෙනුව යටතේ බංග්ලාදේශය ඩොලර් මිලියන 200 ක ණය පහසුකම දීර්ඝ කළේය.

බංග්ලාදේශය විසින් මෙම ණය මුදල ශ්‍රී ලංකාවට ලබා දුන්නේ විදේශ සංචිත පහළ බැසීම හේතුවෙන් ශ්‍රී ලංකාවෙන් කළ ඉල්ලීමක් අනුව යි.

2020 දී සියයට 3.4 කින් හැකිලුණු දිවයිනේ ආර්ථිකයට කොවිඩ් වසංගතයේ බලපෑම විනාශකාරී වී ඇත.

කොවිඩ් තත්ත්වය තවමත් පාලනය කර නොමැති බැවින් ශ්‍රී ලංකාවට විදේශ මුදල් ගලා එන ප්‍රධාන මූලාශ්‍රයක් වන සංචාරක ව්‍යාපාරයට වඩාත් දරුණු ලෙස බලපෑමට ලක්ව ඇත.

අඟහරුවාදා, බංග්ලාදේශයේ විදේශ විනිමය සංචිතය වසර එකහමාරකට පෙර ඩොලර් බිලියන 33 සිට ඩොලර් බිලියන 48 ක වාර්තාගත ඉහළම අගයට පැමිණීමෙන් පසු ඩොලර් බිලියන 46.3 ක් විය.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරන්නේ අද වන විට මෙරට ඇමරිකානු ඩොලර් සංචිතය බිලියන 3.1 දක්වා ඉහල ගොස් ඇති බවයි.

ඩොලර් බිලියන 1.5 ක ණය හුවමරුවක් හේතුවෙන් මෙසේ සංචිත ඉහළ ගොස් තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles