Friday, April 19, 2024

බටහිර පර්යන්තයට අමතරව චීනයට දෙන්න ගිය උතුරේ දූපත් තුනක බලශක්ති ව්‍යාපෘතිත් අදානිට දෙන්න යයි

උතුරු මුහුදේ, ඩෙල්ෆ් ඇතුළු දුපත් තුනක විදුලි බලාගාර තුනක් ඉදිකිරීම සදහා චීන සමාගමකට ලබා දී තිබුණු කොන්තරාත්තුව අවලංගු කිරීමට ශ‍්‍රී ලංකා රජය තීරණය කර තිබෙන බව වාර්තා වේ.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරන්නේ ඒ අනුව උතුරු පළාතේ දූපත් තුනක සූර්ය සහ සුළං විදුලි බල ව්‍යාපෘති තුනක් ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීමට සූදානමක් ඇති බවයි.


මේ සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා මුදල් ලේකම්වරයා වෙත ලිඛිතව දැනුම්දීමක් සිදුකර ඇති බවද ඔහු පැවසීය.

චීන සමාගමක් විසින් මෑතකදී අතහැර දමන ලද ව්‍යාපෘති තුන ඉන්දියාව වෙත ලබාදීමට මෙසේ සූදානම් වන බවද මන්ත්‍රීවරයා කියා සිටියේ ය.


සිය පක්ෂ කාර්යාලයේ දි මාධ්‍ය හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදි.

අදාල විදුලි බලාගාර ඉදිකිරීම සදහා වූ ටෙන්ඩරය චීනයේ සිනෝ සෝ හයිබි‍්‍රඞ් ටෙක්නොලොජි නම් සමාගම හිමිකරගෙන තිබුණි.

ඒ නමුත්, සිය රටේ ආරක්ෂාව පිලිබදව කාරණය මුල් කර ගනිමින්, චීන සමාගමකට මෙම ව්‍යාපෘතිය පවරා දීම පිළිබදව ඉන්දියාව මුල සිටම සිය විරෝධය පළ කර තිබුණි.

ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගත් ණය මුදලක් මත ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මුල දී තීරණය කර තිබුණත්, පසුව, ඉන්දියාව විසින් ව්‍යාපෘතිය සදහා 75% ක ප‍්‍රදානයක් ලබා දීමට එකග වූ බවත්, ඒ අනුව ව්‍යාපෘතිය ඉන්දීය සමාගමකට පැවරීමට තීරණය කර තිබෙන බවත් විෂය භාර අමාත්‍යවරයා වන දුමින්ද දිසානායක මහතා පවසා තිබේ.

කෙසේ වෙතත්, ව්‍යාපෘතිය අදාල චීන සමාගමෙන් ඉවත් කර තිබෙන බවක් මෙතෙක් එකී චීන සමාගමට නිල වශයෙන් දැනුම් දී නැත.

චීන සමාගමට ලබා දී තිබුණ් ටෙන්ඩරය ඉන්දියාවේ අදානී සමාගමට ලබා දීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

අදාල ව්‍යාපෘති අතහැර දැමීම ගැන කොළඹ චීන තානාපති කාර්යාලය මෑතකදී නිවේදනය කළේ තුන්වන පාර්ශවයකින් පැමිණිය හැකි ආරක්ෂක හේතු මත එම ව්‍යාපෘතිය මාලදිවයින් දූපත් හි ස්ථාපනය කිරීමට ගිවිසුම් අත්සන් තැබූ බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles