Friday, April 19, 2024

බඩු මිල වැඩිවෙයිද?

රජයේ අදායම වැඩි කර ගැනීමේ සැලසුම්වලට අනුව මුදල් අමාත්‍යාංශය මේ වනවිට බදු කිහිපයක් වැඩිකර තිබේ.

මෙම බදු ඉහළ දැමීම මාස 06 ක කාලයක් සඳහා වලංගු වන බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටින්නේ.

මෝටර් රථ, යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සඳහා ටයර් සඳහා වන බදු සීයයට 50 කින් ඉහළ දමා තිබෙනවා.

වායු සමීකරණ, රෙදි සෝදන යන්ත්‍ර, රයිස් කුකර්, මයික්‍රෝවේව්, ෆ්‍රිජ්, දුරකථන සඳහා වන බදු 100% කින් ඉහළ දමා ඇත. 

අනෙකුත් විදුලි උපකරණ සඳහා වන බද්ද 15% කින් ඉහළ දමා තිබේ.

චොකලට් සඳහා බද්ද 200%ක් ඉහළ දමා ඇති අතර LED බල්බ සහ සැරසිලි සඳහා වන බද්ද 50% කින් ඉහළ දමා ඇත.

ඒ අනුව වැට් බද්ද 4%කින් වැඩි කිරීමට අදාළ ගැසට් නිවේදනය මේ වනවිට නිකුත්කර තිබේ.

🔺මොකක්ද මේ අධිභාරය?

ආනයන කරන භාණ්ඩ මත දැනට අයකරන වරණීය හා සාමාන්‍ය තීරු බද්දට අමතරව පනවන තවත් බද්දකි.

මෙම අධිභාරය පනවා ඇත්තේ දැනට අයකරන බද්දේ වටිනාකමේ ප්‍රතිශතයත් ලෙසය.

විදේශ විනිමය අර්බුදයට පිළියමක් ලෙස මාර්තු 10 වැනිදා සිට භාණ්ඩ 369ක් ආනයනය, සීමා කරමින් රජය හඳුන්වා දුන් බදු සංශෝධන හා ආනයනික බලපත්‍ර ක්‍රමය අහොසි කරමිනි.

🔺නව අධිභාරය බලපාන ආකාරය.

අද නිකුත් කළ බදු නියමයන්ට අනුව ආනයනික චොක්ලට් නිෂ්පාදන මත දැනට පනවා ඇති බදු මත 200% ක අධිභාරයක් පැනවේ.

ආනයනික චීස් ඇතුළු කිරි නිෂ්පාදන සඳහා අධිභාරය 100%කි.

ඒ අනුව මෙතෙක් චීස් කිලෝග්රෑමයක් අනයනය කිරීමේදී පනවා තිබූ රුපියල් දහසක බද්ධ දෙදහසක් දක්වා වැඩිකර තිබෙනවා.

ආනයනික ඇපල් හා මිදි කිලෝග්‍රෑම් එකක් මත පනවා ඇති රුපියල් 300 ක බද්ද අද සිට රුපියල් 600 ක් දක්වා වැඩිවේ.

ආනයනික දොඩම් මත පනවා ඇති රුපියල් 200 ක බද්ද වැඩි වන්නේ රුපියල් 600 ක් දක්වායි.

මත්පැන් හා බීම වර්ග, සිගරට් හා දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන ආනයනයේදී අය කළ බද්දට අමතරව බදු අධිභාරය 100%කි.

ඇඟලුම් රෙදිපිළි, ගෘහ විදුලි උපකරණ, ගෘහ භාණ්ඩ ඇතුළු තවත් භාණ්ඩ රැසක බදු අධිභාරය ද 100%ක් දක්වා ඉහළ දමා තිබේ.

අතැම් පළතුරු, ධාන්‍ය වර්ග, පිටි ආශ්‍රිත ආහාර නිෂ්පාදන සඳහා වන බදු අධිභාරය 75%කි.

සුවඳ විලවුන් ඇතුළු රූපලාවන්‍ය නිෂ්පාදන, පාවහන්, මුඛ සෞඛ්‍ය ද්‍රව්‍ය මත බදු අධිභාරය 75%කි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles