Thursday, April 25, 2024

බ්‍රිතාන්‍ය කිරීටයෙන් මිදී බාබඩෝස් දූපත ස්වාධීන රාජ්‍යයක් වෙයි

බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව තිබූ බටහිර ඉන්දීය කොදෙව් බාබඩෝස් දූපත ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

බ්‍රිතාන්‍යය මහ රැජිනගේ නියෝජිතයෙකු ලෙස පැමිණි ඔටුන්න හිමි චාල්ස් කුමරු එක් වූ උත්සවයක දී මේ බව ප්‍රකාශයට පත් කෙරුණා.

බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව සිටි රටක් ස්වාධීන රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත් කෙරෙන්නේ දශක දෙකකට පසුවයි.

තම රටේ රාජ්‍ය නායිකාව ලෙස මෙතෙක් පිළිගෙන තිබූ බ්‍රිතාන්‍යයේ එළිසබෙත් රැජන එම ධූරයෙන් ඉවත් කළ බව බාබඩෝස් පාලකයින් පසුගියදා සඳුදා දිනයේදි නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

බාබඩෝස් රට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා වසර 55ක් ගත වී තිබුණද එම රටේ ව්‍යවස්ථාව අනුව මේ දක්වා රාජ්‍ය නායිකාව ලෙස සලකනු ලැබුවේ බ්‍රිතාන්‍යයේ මහ රැජනයි.

මෙතෙක් පැවති ආණ්ඩු ක්‍රමය වෙනසකට ලක් කරමින් බාබඩෝස්හි ප්‍රථම ජනාධීපති ලෙස එරට ඡන්ද දායකයන්ගේ තුනෙන් දෙකක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත් දාමේ සැන්ඩ්‍රා මේසන් පත්වීම් ලැබූ අතර, මේ අවස්ථාවට සහභාගී වෙමින් බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු ද පසුගිය ඉරිදා බාබඩෝස්හි සංචාරයක නිරත විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles