Thursday, March 28, 2024

බැසිල්ට අභියාචනාධිකරණයෙන් නොතීසි

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරයේ කටයුතු කිරීමට එරෙහිව රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ගොනු කර ඇති රිට් පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය රාජපක්ෂ මහතාට ලබන මැයි මස 12 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නොතිසිනිකුත් කරන්නැයි අද (16) යළිත් නියෝග කළේය.

දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමිල බරපතල වංචා දූෂණ සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා සහ සුරාජ් වල්ගම යන මහත්වරුන් විසින් ගොනුකරනු ලැබූ මෙම පෙත්සමෙහි වග උත්තරකරුවන් ලෙස නම්කරනු ලැබ සිටිනේ මුදල් අැමැති බැසිල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නිතිපතිවරයා ය.

මුදල් අමාත්‍යවරයා ඇමරිකානු පුරවැසියෙක් වන අතර, වෙනත් රටක පුරවැසියෙකුට මෙරට මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ නොහැකි බවත්, එය ව්‍යවස්ථාව උල්ලංඝණය විමක් මෙන්ම ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය උල්ලංඝනය වීමක් බව ද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉදිරිපත් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles