Tuesday, April 23, 2024

බිල වැඩිවේ – ලයිට් කැපේ!

විදුලිය ගාස්තු ලබන වසරේ ජනවාරි සහ ජූනි මාසවලදී පියවර දෙකකින් වැඩි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී පැවසීය.

ඒ අනුව විදුලි බිල වැඩි කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු කරගෙන යන බවද ඔහු සඳහන් කළේය.

දැනට පවතින පාඩුව පියවා ගැනීමට නම් විදුලි බිල සියයට 70කින් පමණ වැඩි විය යුතු බව පැවසූ විදුලිබල මණ්ඩල නියෝජිතයෝ විදුලිය ගාස්තු පසුගිය කාලයේදී වැඩි කළද එය විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට ප්‍රමාණවත් නොවූ බැවින් විදුලි බිල වැඩි කිරීම කැබිනට් මණ්ඩලයෙන් මෙලෙස අනුමැතිය ලබාගත් බවද ප්‍රකාශ කළහ.

දකුණු සහ ඇල්ල සංචාරක කලාප හෙට සිට රාත්‍රී කාලයේ විදුලි කප්පාදුවෙන් නිදහස් කරන බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. දිවයින පුරා දිවා කාලයේ පැයක විදුලි කප්පාදුව සහ අනෙකුත් ප්‍රදේශවල රාත්‍රී කාලයේ පැයයි විනාඩි විස්සක විදුලි කප්පාදුව දෙසැම්බර් 15 වනදා දක්වා ක්‍රියාත්මක බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සදහන් කළේ. 

දෙසැම්බර් 15 වනදා සිට ගල් අගුරු බලාගාරයේ තුන්වන ඒකකය විදුලි බල පද්ධතියට එක් කිරීමට නියමිතව තිබෙනවා. ඒ අනුව සංචාරක අමාත්‍යාංශය විසින් හදුනාගෙන ඇති සියලුම සංචාරක කලාප රාත්‍රී විදුලි කප්පාදුවෙන් නිදහස් වන බවයි විදුලිබල අමාත්‍යවරයා පැවසුවේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles