Friday, March 29, 2024

බෙල්ලන්විල ඇතා මාගල්කන්දේ සුදත්ත හිමිට කිතුල් කොට කැබැල්ලකින් ගසයි (Video)

බෙල්ලන්විල රජ මහා විහාරයේ සිටින “මියන් රාජා” මාගල්කන්දේ සුදත්ත හිමියන් දෙසට ඇතා විසින් කිතුල් කොට කැබැල්ලක් විසි කරනු ලැබුවා.

මෙම සිද්ධිය වුණේ ඇතා සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ පළව තිබු වාර්තා පිලිබද සුදත්ත හිමි අරුණ පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙන අතරතුරයි.

මෙරට ඇතුන් පිළිබඳ සහ ‘මියන් රාජා’ ඇතු පිළිබඳ හිමියන් එම අවස්ථාවේ අදහස් දක්වමින් සිට ඇත්තේ මියන් රාජා ඇතු අසල සිටය.

මීළඟ දළඳා පෙරහැරක දළදා කරඬුව වැඩමවීමේ උරුමකම් ඇති ඇතුන් ගැන උන් වහන්සේ අදහස් පල කරමින් සිටියදී මෙම සිදුවීම සිදු විය.

පසුව උන්වහන්සේ ඉන් ඉවත්ව සිය අදහස් දැක්වීම් සිදු කළේය.

“ඇතා මඳ සමය ගත කරන කාලෙට ඔහොම තමයි”

මෙරට ප‍්‍රධාන ස්සෘකෘතික උරුමයක් වන දලදා පෙරහැරට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන කුමන්ත‍්‍රණයක් සිදුවන බවද එහිමියෝ එහිදී පැවසූහ.

සුදත්ත හිමි රාවණා බලය සංවිධානයේ මහලේකම් ලෙස කටයුතු කරන අතර උන්වහන්සේ හීලෑ අලි ඇතුන් සුරැකීමේ සංවිධානයේ සභාපතිද වනවා.

කිතුල් පොලු ප්‍රහාරයෙන් උන්වහන්ටස්ට කිසිදු හානියක් සිදුව නැහැ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles