Tuesday, April 23, 2024

බෙහෙත් නෑ! – ‘අපේක්ෂා’ ආධාර පතයි.

රටපුරා වෙනත් රෝහල්වල මෙන්ම මහරගම අපෙක්ෂා රෝහලේ ද ඖෂධ හිඟයක් තිබෙන හෙයින්  ඖෂධ ලබා ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ සහාය අපේක්ෂා කරන බව මහරගම අපෙක්ෂා රෝහලේ ළමා පිළිකා විශේෂඥ වෛද්‍ය සංජීව කුලසේකර මහතා කීය.

අපෙක්ෂා රෝහලේ ඖෂධ හිඟය යම් ප්‍රමාණයකට හෝ මඟහැරී ඇත්තේ පරිත්‍යාග ශීලීන්ගේ උපකාරයෙන් බව ද සංජීව කුලසේකර හතා පැවැසීය.

මේ වන විට ශ්‍රී ලංකාවේ ළමා පිළිකා රෝගීන්ගේ වැඩි වීමක් තිබෙන බව ද පැවැසූ විශේෂඥ වෛද්‍යවරයා  වසරකට පිළිකා ළමුයින් 900 දෙනකු පමණ අලුතින් හඳනා ගන්නා බව ද කුලසේකර මහතා සඳහන් කළේය. 

ඒමෙන්ම සියලු රෝහල්වල ඖෂධ මිලදී ගැනීමට සිදුව ඇත්තේ අසල පවතින බෙහෙත් අලෙවිසැල් වලින් බවට රෝගීහු මැසිවිලි නගති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles