Friday, April 19, 2024

භාණ්ඩ හිඟයට බන්දුලගේ විසඳුම

පවතින භාණ්ඩ හිඟයට එකම විසඳුම මෙරට තුළ නිෂ්පාදනය කළ හැකි භාණ්ඩ වැඩි වශයෙන් නිපදවීම බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කොළඹදී ඊයේ (26) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

“මේ ලෝක ව්‍යසනයක් තියෙන්නේ. ප්‍රධාන වශයෙන් ලෝකයට ‍භාණ්ඩ නිෂ්පාදනය කරන රට මහජන චීනය. චීනය වැඩ කරන දවස්වලින් එක දවසයි වැඩ කරන්නේ. එතකොට දවස් 4ක නිෂ්පාදනය නැහැ. එතකොට ලෝකයේ ඛනිජ තෙල් මිල අසාමාන්‍ය ලෙස වැඩිවෙනවා. අපි තෙල් නිපදවන රටක් නෙමෙයි. ලෝකයේ ගෑස් මිලත් වැඩි වෙලා. අපි ගෑස් නිපදවන රටක් නෙමෙයි. ලෝකයේ සියලුම ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගිහින් තියෙනවා. කිරිපිටි, පරිප්පු, වැනි ලංකාවේ ප්‍රමාණවත් නැති භාණ්ඩ සියල්ලගේම. එතකොට සිමෙන්තිත් ඒ තියෙන එක භාණ්ඩයක් පමණයි. මේ රට තුළ නිපදවාගත හැකි සියලු දේ වැඩිවැඩියෙන් නිෂ්පාදනය කිරීම පමණයි මේ හිඟයට හා බඩු මිලේ තියෙන ප්‍රශ්නයට එකම විසඳුම. ඒ සඳහා ළඟදීම අලුත් සිමෙන්ති කම්හලක් ආරම්භ කරනවා”

මේ අතර මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (ස්ලිට්) මහපොළ අරමුදලේ පාලනයට යළි ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

“සතියේ කැබිනට් මණ්ඩලය විසින් තීරණයක් අරගෙන අතිගරු ජනාධිපතිතුමා විසින් මට උපදෙස් දීලා තිබෙනවා නැවත වතාවක් තිබුණ ආකාරයට මේ මහපොළ සතුව තිබුණු දේපළ අවභාවිතය නිවැරදි කරලා. මහපොළ යටතට ස්ලිට් ආයතනය ගැනීමට නීතිමය කටයුතු නිතීපතිතුමා සහ අදාළ නීති අංශ සමඟ සාකච්ඡා කරලා ඉටුකරන්න.”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles