Saturday, April 20, 2024

මන්ත්‍රී චන්දිම කළ චෝදනාව සමිබන්ධයෙන් ජනාධිපති කාර්යාලයෙන් නිවෙිදනයක්

ජනාධිපති කාර්යාලයේ නිලධාරින්ගේ රථවාහන භාවිතය සම්බන්ධයෙන් ආණ්ඩුපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි චන්දිම වීරක්කොඩි මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී කළ චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ජනාධිපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ප්‍රකාශය සාවද්‍ය මෙන්ම කරුණු අධ්‍යනයකින් තොරව සිදු කර ඇති බවයි එම නිවේදනයෙන් අවධාරණය කර ඇත්තේ.

එම නිවේදනය පහතින්…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ගත වූ දෙවර්ෂයක පාලන කාලය තුළ අභියෝග රැසක් හමුවේ අවම සම්පත් දායකත්වයකින් විශාල කාර්යභාර්යක් ඉටු කරමින් සිටි.

රට පුරා ක්‍රියාත්මක සියලු ව්‍යාපෘති ඇතුළුව පුළුල් කාර්යභාර්යක් සඳහා ජනාධිපති කාර්යාලය යටතේ වූ සමස්ත සේවක සහ වාහන සංඛ්‍යාව යහපාලන ආණ්ඩුව යටතේ වූ සේවක සහ වාහන සංඛ්‍යාව මෙන් තුනෙන් එකකි (1/3).

කරුණු එසේ තිබියදී නිවැරදි තොරතුරු හෝ සංඛ්‍යා ලේඛන අධ්‍යනයකින් තොරව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සිය කතාවක් මගින් ජනාධිපති කාර්යාලයේ වාහන භාවිතය සම්බන්ධයෙන් පෙරේදා (19) දිනයේ පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය සාවද්‍ය මෙන්ම කරුණු අධ්‍යනයකින් තොරව කර ඇති බව තරයේ සඳහන් කළ යුතුව ඇත.

ජනාධිපතිවරයා අනුව යමින් ජනාධිපති කාර්යාලයේ සේවයේ නියුතු කිසිඳු නිලධාරියෙකු රථ පෙළපාළි භාවිත නොකරන බව වගකීමෙන් කිව යුතුය. එමෙන්ම බොහෝ නිලධාරීහු සිය නිලයට අයත් වාහනය ද නොගෙන රාජකාරීමය අවශ්‍යතාවය වෙනුවෙන් සංචිතයට අයත් වාහන අදාළ රාජකාරී කටයුත්ත සඳහා ම පමණක් යොදා ගනිති.

එම නිසා චන්දිම වීරක්කොඩි මහතා නිසි කරුණු අධ්‍යයනයකින් තොරව මෙලෙස වැරදිසහගත තොරතුරු ඉදිරිපත් කිරීම ඉතා කණගාටුදායක බව ජනාධිපති කාර්යාලය පෙන්වා දෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles