Friday, April 19, 2024

මරණ අඩුවීමත්…අසාදිතයින් සැලකිය ලෙස අඩුවීමත් දක්නට ලැබේ..

ඊයේ (18) දිනයේ නැවතත් දෛනික කොරෝනා ආසාදිතයන් 1500 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව ඊයේ දිනයේ ආසාදිතයන් 1,986 ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණා.

ඊයේ දේශීයව ආසාදිතයන් 1,983 ක් හඳුනාගත් අතර විදෙස් රටවල සිට පැමිණි තිදෙනෙක් පසුව කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන තිබුණා.

මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන් 502,758 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට සුවය ලැබූ සංඛ්‍යාව 431,036 ක් වන අතර දැනට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 59,700 ක් වනවා.

පසුගිය 17 වන දා කොරෝනා මරණ 84 ක් වාර්තා වූ අතර ඒ සමඟින් මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 12,022 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles