Saturday, April 20, 2024

මහ බැංකුව යළිත් මුදල් අච්චු ගසයි. මාර්තු 18 තවත් ලක්ෂ 559,500 ක් අච්චු ගහලා.දවස් 20ට විතරක් බිලියන 172ක් අච්චු ගහලා

මහ බැංකුව පසුගිය සතියේ තවත් රුපියල් බිලියන 55.95ක් මුද්‍රණය කොට ඇත. ඒ සමගම මේ මාසයේ මේ දක්වා මුද්‍රණය කර ඇති මුළු මුදල රු. බිලියන 172.34ක් දක්වා ඉහළ ගොස් ඇත.

පවතින මේ තත්ත්වය හේතුවෙන් දැඩි උද්ධමනකාරී ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට ජනතාවට සිදුවනු ඇති බව ආර්ථික විශේලේෂකයෝ පෙන්වා දෙයි.

මෙි අතර පසුගිය සිකුරාදා (මාර්තු 18) අච්චු ගැසූ රු. ලක්ෂ 559,500 ක මුදලත් සමඟ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව අද දක්වා (2020 ජනවාරි සිට 2022 මාර්තු 20 දක්වා) අච්චු ගසා ඇති මුළු මුදල රු. මිලියන දාසය ලක්ෂ විසි පන්දහස් දෙසිය හතලිහ (රු. මිලියන 1,625,240) ක් වන බව හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා.

1952 වසරේ සිට 2020 දක්වා වසර 62 ක් තුල රජය අච්චු ගැසූ මුදල මෙන් 23 ගුණයක් වත්මන් රජය පසුගිය මාස 26 තුල අච්චු ගසා ඇති බවයි තෙන්නකෝන් මහතා පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාව දැනටමත් ‘අතිධාවන උද්ධමනය‘ ට මුහුණ දී ඇති බවත්, කිසිදු පාලනයකින් තොරව සල්ලි අච්චු ගැසීමට මහ බැංකුවත් කටයුතු කරන්නේ නම් එය ‘ජවන උද්ධමනයක්‘ බවට පත්වීම නොවැලැක්විය හැකි වනු ඇති බවත් කීර්ති තෙන්නකෝන් මහතා සදහන් කරනවා.

2022 පෙබරවාරි 28 සිට මාර්තු 18 දක්වා මහ බැංකුව විසින් රු. මිලියන 188,610 ක් අච්චු ගසා ඇති බවත් එය සාමාන්‍යයෙන් සෑම දවසකටම රු. ලක්ෂ 9,9268 ක් බැගින් අච්චු ගැසීමක් බවත් ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනවා.

සල්ලි අච්චු ගැසීමේන් බඩු මිල වැඩි නොවන බවත්, අච්චු ගැසීම සාමාන්‍ය දෙයක් බවත් විටින් විට පුවත්පත් සාකච්ඡාවල දී පැවසූ අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයට පත් වීමෙන් පසුව රු. ලක්ෂ 4,156,100 ක් අච්චු ගසා ඇති බව කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව කිරිපිටි මිල 110% කින් ද, ඉන්ධන 90% කින් ද, ආහාර මිල 20% සිට 50% දක්වාද ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට දෙවන ලෝක යුද සමයේ ජර්මනියේ ඇතිවූ උද්ධමනයට සමාන ‘අතිධාවන උද්ධමනයක්‘ රටේ පවතිනවා.

උද්ධමනය 20% ඉක්මවූ විට විධිමත් පාලනයකට නතු කර නොගන්නේ නම් එය 100%, 200% ඉක්මවන ‘ජවන උද්ධමනය‘ ක් බවට පත් වන බව ආර්ථික විද්‍යා මුලධර්මයක් වනවා.

අලුත් අවුරුද්දට ආහාර හා ඖෂධ ලබා ගැනීමට ඉන්දීය ණය ආධාර ලබා ගන්නා බවට මුදල් අමත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කරන නමුත්, මේ වනවිට අවුරුදු කන්නට නොව දරුවන්ට, වැඩිහිටියන්ට කුසගිනි නිවා ගැනීමට නොහැකි තත්වයක් මතුව තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles