Friday, April 26, 2024

මහානායක යතිවරුන්ගේ ද්වාරය අරගලකරුවන්ට විවෘත වේ..! (Video)

#GOTAGOHOME ක්‍රියාන්විතය හා අත්වැල් බැඳගෙන සිටින රටපුරා තරුණ ප්‍රජාව නියෝජනය කරමින් අරගලයේ නියුතු තරුණ පිරිසක් අද (03) මල්වතු-අස්ගිරි මහානායක හිමිවරුන් බැහැදැක සංදේශයක් බාර දුන්නා.

එහිදී තරුණ අරගලය පිළිබඳ කරුනු පැහැදිලි කිරීමක්ද සිදුවිය.

මෙහිදී තරුණ පිරිස උන්වහන්සේලාගෙන් ඉල්ලා සිටියේ, පත්තිනික්කුජ්ජන කර්මය සිදුකිරීම, සංඝාඥාවක් නිකුත් කිරීම, හා රාජපක්ෂ පවුලට ලබා දී ඇති සියලු ගෞරව නාමයන් අහෝසිකරන ලෙස ය.

වර්තමානයේ පිළිලයක්ව පවතින දුසිල් මහණුන් ශාසනයෙන් නෙරපා හැරීමට යම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස උන්වහන්සේගෙන් තරුණයෝ ඉල්ලා සිටියහ.

මේ අවස්ථාව සඳහා මාධ්‍යකරණයේ නියුතු පිරිසක් එක්ව සිටීමද විශේෂත්වයකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles