Tuesday, April 23, 2024

මහින්දානන්දට බොරු කීම සම්බන්ධයෙන් විශේෂ උපාධියක් තියනවා – මහින්ද අමරවීර

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාට බොරු කීම සම්බන්ධයෙන් විශේෂ උපාධියක් ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

පරිසර අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරිය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ අතර ඇතිවූ මතබේදාත්මක තත්ත්වයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු එසේ පැවසීය.

කිසියම් හෝ ආයතනයක් මුදල් අය කිරීමක් සිදු කරන්නේ නම් ඒ පිළිබඳව විශේෂ පරීක්ෂණයක් කළ යුතු බවද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයාට බොරු කීම සම්බන්ධයෙන් විශේෂ උපාධියක් ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

පරිසර අමාත්‍යාංශය යටතේ ඇති මධ්‍යම පරිසර අධිකාරිය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ඒ අතර ඇතිවූ මතබේදාත්මක තත්ත්වයක් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඔහු එසේ පැවසීය.

‘එහිදී කිරිපිටි ආනයනය කෙරේ අවධානය යොමු කළාට දියර කිරි නිෂ්පාදනය වැඩි දියුණු කිරීමට අවධානය යොමු නොකළ බව අලූත්ගමගේ අමාත්‍යවරයා චෝදනා කරයි.

ඊට පිළියම් ලෙස කිරි ගොවිපලවල් ඇති කිරීම සඳහා මහා පරිමාණ ආයෝජකයන්ට ඉඩම් ලබාදී බොහෝ කලක් ගත වූවත් ඒවා ආරම්භ කිරීමට නොහැකි වූයේ පාරසරික අමාත්‍යාංශය නිසා බවටයි අලූත්ගමගේ අමාත්‍යවරයා චෝදනා කරන ලදී.

ඊට හේතුව පරිසර අමාත්‍යාංශය පරිසර වාර්තා ප්‍රමාද කිරීම බවත් අක්කර 25 ක ගොවිපළක් සඳහා පරිසර වාර්තාවක් හැදීමට පරිසර අමාත්‍යංශය රු. කෝටි 3 ක් ඉල්ලන බව ඔහු අනාවරණය කර සිටි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ පරිසර අමාත්‍යාංශ නිලධාරීන්ගේ අරමුණ දේශීය දියර කිරි නිෂ්පාදනය අඩාල කොට පිටරටින් පිටි කිරි ගෙන්වීම ප්‍රවර්ධනය කිරීම බවයි.

එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් පරිසර විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පිළිතුරු දී තිබෙනවා.

මහින්දානන්ද අලුත්ගමගේ ඇමැතිවරයා හැමදාම බොරු කිව්ව ඇමතිවරයෙක් මෙන්ම ගොවියන්ගේ අස්වැන්න අඩු කරන්න මහන්සියත් දැරූ කෙනෙක් ලෙසයි අමරවීර මහතා හඳුන්වා දෙයි.

කිරි ගොවිපළවල් සම්බන්ධයෙනුත් අලූත්ගමගේ අමාත්‍යවරයා කියන්නේ පට්ටපල් බොරුවක් බව පෙන්වා දෙන අමරවීර මහතා ඊට පරිසර අමාත්‍යාංශයේ කිසිදු සම්බන්ධතාවයක් නැති බව සඳහන් කරයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles