Tuesday, April 23, 2024

මහින්දානන්ද යල කන්නයේ වී වගාවට හිඟයකින් තොරව පොහොර දෙනවා කියද්දී කන්නයේ අස්වැන්න 40% කින් අඩුවීමේ අවදානමක් ගැන අනාවරණයක් !

ඉදිරි යල කන්නයේදී කුඹුරු හෙක්ටයාර් ලක්ෂ 05 ක් වගා කිරීමට අපේක්ෂා කරන අතර, ඒ සඳහා ගොවීන්ට අවශ්‍ය පොහොර, දිලීරනාශක හා පලිබෝධනාශක හිඟයකින් තොරව ලබා දීමට කටයුතු කරන නිසා ගොවීන් කිසිසේත් ඒ ගැන අනියත බියක් තබා ගත යුතු නැති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

මීට අමතරව එළවළු, පළතුරු, බඩඉරිඟු වැනි අනෙකුත් බෝග වගා කිරීම සඳහා අවශ්‍ය පොහොර ආනයනය කිරීමට කටයුතු කරන අතර කාබනික පොහොර සඳහා පොහොර සහනාධාරය ලබා දීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

සහල් සඳහා පාලන මිලක් පනවන ලෙස කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරන බවත් වී මෝල් හිමියන් සහල් මිල වැඩි කිරීම සඳහා දරන උත්සාහය වැළැක්වීම වෙනුවෙන් මේ තීරණය ගත් බවද ඇමැතිවරයා කීය.

රජයේ සහල් නිෂ්පාදන වියදම රුපියල් 145ක් පමණ වන බවද මේ වන විට සහල් කිලෝවක් වෙළඳපොළේ 170ක් 180ක් වැනි මිලකට අලෙවි කරන බවද හෙතෙම පැවැසීය.

පාලන මිලක් පැනවූ පසු නාඩු කිලෝවක් රුපියල් 140ත් 145ත් අතර මිලකට වෙළෙඳපොළේ අලෙවි වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඇමැතිවරයා කීය.

රජයේ සහල් නිෂ්පාදන වියදම රුපියල් 145ක් පමණ වන බවද මේ වන විට සහල් කිලෝවක් වෙළඳපොළේ 170ක් 180ක් වැනි මිලකට අලෙවි කරන බවද හෙතෙම පැවැසීය.

පාලන මිලක් පැනවූ පසු නාඩු කිලෝවක් රුපියල් 140ත් 145ත් අතර මිලකට වෙළෙඳපොළේ අලෙවි වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඇමැතිවරයා කීය.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඊයේ (21දා) පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය. සිංහල අලුත් අවුරුද්දට සහනදායී මිලට වෙළෙඳපොළේ සහල් අලෙවි කිරීමට ඉඩ සලසමින් අමාත්‍යාංශය සතු වී සංචිත මුදා හරින බවද හෙතෙම සඳහන් කළේය.

වෙළෙඳපොළ තුළ සහල් හිඟය මඟහරවා ගැනීමට ඉදිරියේදී සහල් තොග ආනයනය කිරීමටත් තීරණය කර ඇතැයි ඇමැතිවරයා කීය.

ඩොලර් මිල ඉහළ යෑමත් සමඟ ආනයනය කරන සහල් තොග රුපියල් 120ක් හෝ 125ක් වැනි මිලකට වෙළෙඳපොළේ අලෙවි කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවැසීය.

මෙි අතර එළඹෙන මහ කන්නයේ වී අස්වැන්නෙන් 40% ක පමණ විශාල ප්‍රමාණයක් අහිමිවීමේ අවදානමක් පවතින බව ආණ්ඩුව විසින් පුරෝකථනය කර ඇතැයි ‘ටයිම්ස් ඔන්ලයින්’ වෙබ් අඩවිය වාර්තා කරයි.

එහි ප්‍රතිඵලයක් ලෙස සහල් ආනයනය වැඩි කිරීමට බලධාරීන්ට බල කෙරෙනු ඇතැයි විශ්ලේෂකයෝ විශ්වාස කරති.

බත් යනු ශ්‍රී ලාංකේය ජනතාවගේ ප්‍රධාන ආහාරයයි. තම රටවැසියන් පෝෂණය කිරීමට මහ කන්නයේ අස්වැන්න ප්‍රමාණවත් නොවනු ඇතැයි පුරෝකථනය කිරීමත් සමග එහි ප්‍රතිඵලයක් ලෙස සහල් ගබඩා පිරවීම සඳහා ඉන්දියාව සහ මියන්මාරය දෙසට හැරීමට ආණ්ඩුවට සිදුව තිබේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පුරෝකථනය අනුව 30% ක අස්වැන්න අහිමිවීමක් පෙන්නුම් කර ඇතත්, නිල සංඛ්‍යාලේඛනවලට අනුව වී අස්වැන්න 40% ක් තරම් ඉහළ ප්‍රමාණයකින් අඩුවීමට බොහෝදුරට ඉඩ තිබේ.

ශ්‍රී ලංකාවට මසකට සහල් මෙට්‍රික් ටොන් 185-196,000 ක් පමණ අවශ්‍ය වන අතර එම නිසා දේශීයව නිෂ්පාදනය කරන ලද සහල් සැපයුම අඩුවීමේ හිඩැස පිරවීමට බලධාරීන්ට සිදුවනු ඇත.

රජයක් තම ජනතාවට ආහාර ලබාදිය යුතු අතර ආහාර සුරක්ෂිතතාව සඳහා උපරිම දායකත්වයක් ලබාදිය යුතු නමුත් එය දැරිය හැකි මිලකට තිබේද යන්න තවත් ප්‍රශ්නයක් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය බුද්ධි මාරඹේ බිස්නස් ටයිම්ස් වෙත පවසා තිබේ.

ආනයනික සහල් වැඩිපුර මිලට ගැනීමෙන් විදේශ විනිමය වැඩි ප්‍රමාණයක් රටින් පිටතට යන බව ද ඔහු පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම අපේ‍්‍රල් මාසයේ අවුරුදු නිවාඩු කාලය තුළ සහ පාසල් නිවාඩු කාලය ආසන්නයේදී සහල් සඳහා ඇති ඉල්ලුම වැඩිවේ.

සහල් මෙට්‍රික් ටොන් 300,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ අතර මියන්මාරයෙන් මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කර ඇති අතර ඉන්දියාවේ ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මාර්ගය ද සහල් සඳහා ප්‍රමුඛත්වය දෙනු ඇතැයි සිතිය හැකිය. ලංකාව මේ වන විටත් ඉන්දියාවෙන් සහල් ආනයනය කර තිබේ.

හොඳ කාලවලදී ගොවීන් සහ අයහපත් කාලවල දී පාරිභෝගිකයින් ආරක්ෂා කිරීමේ තාවකාලික ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාව සැමවිටම අනුගමනය කර ඇත.

ආහාර හිඟයක් සම්බන්ධයෙන් අවදානමකට මුහුණ දෙන බලධාරීන් සහල් මිලදී ගැනීමට එහෙ මෙහෙ දුවමින් සිටිති. දෙරට අතර වසර 70ක සබඳතාවයක් සනිටුහන් කර තිබියදීත් චීනය වැනි මිත්‍ර පාර්ශව නරක කාලයක දී සහල් මෙට්‍රික් ටොන් මිලියනයක් ලබා දීම ප්‍රතික්‍ෂේප කළ විට එය නිසැකයෙන්ම පැහැදිලි වූ බව විශ්ලේෂකයෝ පවසති.

සහල් හිඟයේ හිඩැස පිරවීමේ අරමුණින් සහල් ආනයනකරුවන් ඉඩ ලබාගැනීම මෙහිදී අපේක්ෂිතය.

පසුගිය වසරේ ශ්‍රී ලංකාව 2020/2021 මහ කන්නයේ වී මෙට්‍රික් ටොන් 3,061,394ක් නිෂ්පාදනය කළ හොඳ අස්වැන්නක් ලබාගත්තේය.

කෙසේ වෙතත්, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සහල්/වී හිඟයක් පවතින බව පිළිගැනීම ප්‍රතික්ෂේප කරයි.

රජය සහල් ආනයනය කරන්නේ දේශීය වෙළෙඳපොළේ සහල් මිල පාලනය කිරීම සඳහා සහල් මාෆියාව හේතුවෙන් බව අවධාරණය කළේය.

ශ්‍රී ලංකාව සතුව ප්‍රමාණවත් සහල් තොග ඇති බවත්, සහල් ආනයනය කළ ද එය කරන්නේ මිල ස්ථාවර කිරීමට බව ඔහු විශ්වාස කරයි.

කෙසේ වෙතත්, දේශීය වෙළෙඳපොළේ මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. ඉන්දියාවෙන් ලැබෙන නව ණය යෝජනා ක්‍රමය යටතේ ද, සහල් සඳහා ප්‍රමුඛත්වය දෙන බව අමාත්‍යවරයා තහවුරු කළේය.

මහ කන්නයේ වී අස්වැන්නේ සාමාන්‍යයෙන් 20% ක පමණ අඩුවීමක් පමණක් සිදුවනු ඇති බව අමාත්‍යවරයාගේ අදහසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles