Thursday, April 25, 2024

මහ බැංකු අධිපතිගෙන් තවත් ස්ථාන මාරැවක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ විදේශ විනිමය විෂය භාර නියෝජ්‍ය අධිපතිවරයා විදේශ විනිමය විෂයට අදාළ වගකීම්වලින් ඉවත් කිරීමට සූදානමක් තිබෙන බවට වාර්තා වේ. මේ වනවිට විදේශ විනිමය විෂය භාර නියෝජ්‍ය අධිපතිවරයා වශයෙන් මහින්ද සිරිවර්ධන මහතා කටයුතු කරනු ලබයි. මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ ඒකකයේ ප්‍රධානියාද වන ඒ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද සේවය කළ නිලධාරියෙකි.

එදිරිසිංහ ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට් (ETI) මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධව විමර්ශනයක් සිදුකළ කීර්තිමත් නිලධාරිනියක් වූ වත්මන් සහකාර මහ බැංකු අධිපතිනි දවුලගල මහත්මිය මීට දින කිහිපයකට පෙර මූල්‍ය මණ්ඩලයේ ලේකම් ධුරයෙන් ඉවත් කෙරිණි. මහ බැංකුවේ වෝහාරික විගණනයන් සම්බන්ධයෙන් කටයුතු කළේ ඇයයි. 

මූලාශ්‍රය – මව්බිම

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles