Friday, April 26, 2024

මාධ්‍යවෙිදීන්ට සහ ජනමාධ්‍ය ආයතනවලට අදාළ වන නීති සංශෝධනයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

මාධ්‍යවේදන්ට සහ ජනමාධ්‍ය ආයතනවලට අදාළව පවතින නීති සශෝධනය සහ ප්‍රතිපත්ති හා ආචාර ධර්ම සකස් කිරීමට ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබෙනවා.

ජාතික හා අන්තර්ජාතික මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය සහ සමාජ සංස්කෘතික අනන්‍යතා යන ක්ෂේත්‍රයන්ට විශේෂ අවධානය යොමු කරමින් ශ්‍රී ලාංකීය ජනමාධ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීම / ඊට සමගාමීව ඉහළ වෘත්තීය නිපුණතාවක් සහිත මාධ්‍ය වෘත්තිකයින් බිහි කිරීමට අවශ්‍යය පසුබිම ගොඩනැගීම ආදි කරුණු කෙරෙහි එහෙිදී අවධානය යොමු වී ඇති බව සදහන්.

ඒ අනුව අදාළ කාර්යන් සදහා අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා රාජ්‍ය සහ පෞද්ගලික අංශ සහ මාධ්‍ය, අලෙවිකරණ , අධ්‍යාපනික, නීති වැනි ක්ෂේත්‍රයන්වල අත්දැකීම් සහිත පුද්ගලයන්ගේ නියෝජනය සහිතව කමිටුවක් පත් කිරීමටයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා යෝජනා කර ඇත්තේ.

මේ සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සහ මාධ්‍ය, අලෙවිකරණ, අධ්‍යාපනික, නීති, පරිපාලන හා ආර්ථික වැනි ක්ෂේත්‍රයන්හි අත්දැකීම් සහිත පුද්ගලයන්ගේ නියෝජනය සහිතව අදාළ කමිටුව පත්කෙරෙනු ඇත.

එහිදී ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රමිතිකරණය සඳහා පවතින අණපනත්, අන්තර්ජාතික අණපනත්, ජාතික හා අන්තර්ජාතික මාධ්‍ය ආයතනවල ක්‍රියාකාරිත්වය සහ සමාජ සංස්කෘතික අනන්‍යතා යන ක්ෂේත්‍රයන්ට විශේෂ අවධානය යොමුකෙරෙණු ඇති.

මේ අතර ඉහළ වෘත්තීය නිපුණතාවක් සහිත මාධ්‍ය වෘත්තිකයින් බිහි කිරීමට අවශ්‍ය පසුබිම ගොඩනැගීමද එහි මූලික අරමුණක් වී තිබේ.

සමාජ මාධ්‍ය ඇතුළු නව මාධ්‍ය භාවිතය සහ හැසිරීම පිළිබඳ දැනුම, අවබෝධය සහ සන්නිවේදන උපක්‍රම සමාජගත කිරීම, ඩිජිටල් තාක්ෂණයට අනුගත වීම සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම කෙරෙහි මේ වන විට අවධානය යොමු වී ඇති බවද කැබිනට් තීරණ දැනුම්දීමේ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

ජනමාධ්‍ය හා සන්නිවේදන ක්ෂේත්‍රයේ ගෝලීය වර්ධනය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රමිතිකරණය කිරීම අදාළ කමිටුව පත්කිරීමේ මූලික අරමුණ වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles