Friday, March 29, 2024

මාවනැල්ල හා බලංගොඩ සභාපති වරුන් ඉවත් කරයි

බලන්ගොඩ නගර සභාවේ සභාපතිවරයා සහ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා එම ධූරවලින් වහාම ක්‍රියාත්මක වෙන පරිදි ඉවත් කිරිමට සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පියවර ගෙන තිබේ.

ඒ අනුව අයවැය සම්මත නොවුණු මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති එච්.පී. චන්දන කුමාර ජයවන්දල සහ බලංගොඩ නගර සභාවේ සභාපති චමික ජයමිණි විමලසේන පසු ගිය දෙසැම්බර් 31 සිට බල පැවැත්වෙන පරිදි සිය ධුර වලින් ඉල්ලා අස්වූවා සේ සළකනු ලබන බවට සබරගමුව ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

එම ප්‍රාදේශීය සභා සහ නගර සභා වල පුරප්පාඩුව පුරවන තෙක් අදාළ බල තල එහි උප සභාපතිවරුන් වෙත පවරා ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles